chapter 3

918 155 33
                                    

" ම්_ _ මොකක් ඔයා "
යුන්ගි අපි ඉන්න තැනට දුවගෙන ආපු ගමන්ම මගේ ලග හිටපු කොට ජිමිනා එක පාර්ට කෑ ගැහුවේ යුන්ගියත් එතනම ගල් වෙලා වගේ ජිමිනා දිහා බලාගෙන ඉන්නකොට.

" ච්_ චිමි බබා ඔයා මොකද්ද මෙතන කරන්නේ "
මගෙයි ටෙගෙයි එහා පැත්තෙන් හිටන් හිටපු ජිමින් දිහා බලාගෙනම යුන්ගි ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ.

" මන් හොස්පිටල් එකට යන ගමන් හිටියේ "
ජිමින් කිව්වේ යුන්ගි දිහා බලලා රවන ගමන්.

"ආහ් හරි හරි චිමි ඒත් ඔ___ "

" මේ යුන්ගි පොඩ්ඩක් හිටපම් උබ කොහොමද මේ ජිමින් කියන එකාව දන්නේ. "
යුන්ගි කියන්න ගිය එකත් කියන්න නොදි මන් එහෙම ඇහුවේ මෙතන නොවිසදුන ප්‍රශ්නයක් තියෙන නිසා.

" ආ ජංකුකෝ මට කියන්න බැරි උනා නේ මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ජිමින් "
යුන්ගි කිව්වේ මට එහා පැත්තෙන් හිටන්  ඉදපු ජිමින් ගාවට යන ගමන්.

" ඈහ් යකෝ එදා උබ මට උබේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා පෙන්නුවේ වෙන
එකෙක්වනේ. උබලා දෙන්න බ්‍රෙක් අප් උනාවත්ද"
මන් ඇහුවේ මූ මගේ හොදම යාලූවා වෙලත් මන් එහෙම දෙයක් ගැන දන්නේ නැති නිසා.

" පිස්සුද යකෝ එයත් ඉන්නවා "
යුන්ගි කිව්වේ ඇගට පතට දැනෙන්නේ නැති විදිහට.

" ඈහ් මොකක්ද යකෝ තෝ කියන්නේ. "
යුන්ගි කියන මෙලෝ හසරක් තේරෙන්නේ නැති නිසා මන් ඇහුවේ ටිකක් විතර පුදුමෙන් වගේ.

අනික ජිමින් ඉන්න තැනම මූ මෙහෙම දෙයක් කිව්ව එක ඇත්තටම පුදුමයි.

හැබැයි යුන්ගි කියපු දේ නිසා ජිමින්ට කේන්ති ගිය බවක් නම් පේන්න තිබුනේ නෑ. ජිමින්ට විතරක් නෙවෙයි ටේටවත්.

" මේකනේ යකෝ එදා මන් උබට ඉන්ටඩියුස් කරේ මගේයි ජිමිනගේයි අනික් බෝයිෆ්‍රෙන්ඩ්. "

" මොකක් ඒකියන්නේ උබට බ්__ "

" ඒක වැඩක් නෑ නේ පූස් ඔයා මොකද මෙතන කරන්නේ ආ. අද important මීටින් එකක් තියෙනවා කිව්වා නේද "
ජිමිනා ඇහුවේ යුන්ගි දිහා ඇස් දෙකත් රෝල් කරලා බලන ගමන්.

" ආහ් ඔව් බබා ඒකට තව වෙලා තියෙනවා "
යුන්ගි කිව්වේ ජිමින්ගේ ඉන වටේ අතදාලා අල්ලගන්න ගමන්.

FALL IN LOVE 💖Where stories live. Discover now