දොලොස්වෙනි කොටස

1.2K 242 68
                                    

❤️🔥 වෛරයේ ගින්නට හසුවූ අහිංසක ආදරයේ කතාව 🔥❤️

_________________________________________
 
               ටබ් එකේ සීතල වතුරේ දෙන්නට දෙන්නා තුරුල් වෙලා හූල්ල හූල්ල උන්නු කොල්ලො දෙන්නා ගැස්සිලා ගියේ එකපාරටම වොෂ් රූම් එකේ දොරට තට්ටුවක් වැටුනම.

"සිතුවිලි.."

වන්ෂ්ගෙයි වේද්ගෙයි ඇස් පුදුමෙන් ලොකු වුනේ බාගෙට වැහිලා තිබ්බ දොරගාව හිටන් උන්නු සිතුවිලිව දැකලා.. කෙල්ලගේ මූණ රතුවෙලා කදුලු වලින් පෙගිලා ගිහින් තිබුනේ කොල්ලො දෙන්නගෙ වගේම... වන්ෂ්ට හිතාගන්න බැරිවුනේ සිතුවිලි ඇයි මෙහෙ කියලා.. ඊටත් කොල්ල බැලුවේ ඇයි පොඩි එකී මෙච්චර අඩලා තියෙන්නෙ කියල. ස්ටීවන් ගැන එක මොහොතකට කොල්ලො දෙන්නටම අමතක වුනේ සිතුවිලිට මොකක් හරි කරදරයක් වෙලාද කියන හැගීමෙන් වන්ෂ්ගෙයි වේද්ගෙයි පපුව ගැහෙන්නගන්නකොට.. කොරේ පිටට මරේ කියලා තව හෙණ ගෙඩියක් ඔලුවට පාත් වෙලාද කියලා හිත හිත වන්ෂ්ටත් කලින් වේද් බාත් ටබ් එකෙන් නැගිටලා එලියට ආවේ සිතුවිලි හිමීට වේද්ගේ නිරුවත් සිරුර මගඇරලා අහක බලාගද්දී.. බාත් ටබ් එක ලග තිබුනු සුදු පාට ලොකු තුවායත් පොරෝගෙන වේද් අඩියට දෙකට සිතුවිලි ලගට ආවේ කෙල්ල හිමීට ඇස් දෙක පිහිදාගෙන වේද්ගේ අයිස් වගේ සීතල පපුවට ඔලුව තියාගද්දී..

"ඔයා අයිස් කැටයක් වගේ සීතල වෙලා වේද්.."

සිතුවිලි පපුවට හිස තිව්ව පමාවෙන් ආයෙ අහකට ගත්තේ ඒ සීතලට කෙල්ලව වෙව්ලලා යද්දී.. වේද් සිතුවිලිගෙන් මොකවත් අහන්නත් කලින් ඉක්මණට ඇදේ තිබ්බ බ්ලැන්කට් එක අරගෙන කෙල්ල ඒකෙන් වේද්ව එතුවේ වන්ෂ් තාම ටබ් එක ඇතුලට වෙලා මොකද්ද කරන්නෙ කියලා හිත හිත..

"වන්ෂ්.. එන්න එලියට..."

වේද් ආයෙම වොෂ්රූම් එක ඇතුලට ගියේ වන්ෂ් අමාරුවෙන් බාත් ටබ් එකෙන් නැගිටින්න හදද්දී.. පැය ගාණක් සීතල වතුරේ කොල්ලා තරමටම බර වේද්ව එකම ඉරියව්වෙන් ඇග උඩ තියන් ඉදලා කොල්ලගේ සර්වාංගෙම හිරිවැටිලා ගිහින් තිබුනේ..

"ඔයාට අමාරුද..."

වේද්, ඉක්මණට එයා වටේ ඔතන් හිටිය බ්ලැන්කට් එක මෑත් කරල වන්ෂ්ව එයාගේ තුරුලට ගත්තේ වන්ෂ්, යාන්තම් නිල් පාටට හැරිලා කියලා තේරෙද්දී.. වේද් ඉක්මණට වන්ෂ්වත් බ්ලැන්කට් එක ඇතුලේ තියන් වාරු කරන් කාමරේට ගියේ සිතුවිලි කාමරේ හීටර් එක ඔන් කරද්දී.. කෙල්ල අම්මා කෙනෙක් වගේ ඩ්‍රය එකෙන් කොල්ලෝ දෙන්නගෙම කොණ්ඩ වේලවලා  ඩ්‍රයි ටවල්ස් දෙකකුත් එක්ක දෙන්නට අදින්න ඇදුමුත් අල්මාරියෙන් අරන් දීලා තේකක් හදන් එන්නම් කියලා ගියේ කොල්ලො දෙන්නා කිටි කිටියේ ගැහී ගැහී ඇගපත පිහිදාන් උනුහුම් ඇදුම් ඇදගන්නකොට.. මෝඩයෝ දෙන්නෙක් වගේ සීතල වතුරේ බැහැගෙන උන්නු රගේ තේරුනේ කොල්ලෝ දෙන්නාට තරගෙට හචින් යන්න ගද්දී..

🔥වේද්🔥 ( Sinhala BL)Where stories live. Discover now