විසිඑක්වෙනි කොටස

1.4K 276 173
                                    

🔥❤️ වෛරයේ ගින්නට හසුවූ අහිංසක ආදරයේ කතාව 🔥❤️

_______________________________________

                        සමාවෙන්න කේෂ් ඔයත් මට..මං ඔයාට සම්පූර්ණ කතාව කිව්වේ නෑ.. ඒ කතාවේ තව ඔයා නොදන්න ගොඩාක් දේවල් සිද්ධවුනා...ඒත් ඒ හැමදේම කියන්න තරම් මට ඔයාව විශ්වාස නෑ... ඔයා හොද යාළුවෙක්.. ඒත් ඔයා ඔයාගේ ගැන ඇත්ත කියනකම් මාත් මගේ අයියා ගැන ඇත්ත ඔයාට හංගනව.. සැකයක්ම නෙවෙයි ඒත් මං පරිස්සම් වෙන්න ඕනේ.. කේෂ්මියර් රාජක්‍රිෂ්නන්.. ඇයි ඔයා මාව හොයාගෙන ආවේ.. මේක අහම්බයක්ද.. නැත්නම් හිතලම කරපු දෙයක්ද...

               වේද් ආයෙම ෆෝන් එක ලාච්චුවට දාලා ලොක් කරේ කේෂ්ගේ අභිරහසත් ඉක්මණට විසදන්න ඕනේ කියලා හිතනගමන්.. කොල්ලා එහෙම්ම ඇස් යැව්වෙ බිත්ති ඔරලෝසුව දිහාට.. කොල්ලාගෙ ඇස් උඩ ගියේ වෙලාව දවල් දොලහට ලං වෙලා තියෙනවා දැකලා.. කොල්ලා තාම දත් මැදලාවත් නෑ... වේද් වෙලාව දැක්ක හැටියේ වොෂ් රූම් එකට දිව්වේ එයා තාම බ්‍රෙක්ෆස්ට් එකවත් අරන් නැති නිසා.. මෙත්මාත් හිතන් ඉන්නේ කොල්ලා ට්‍රිප් එක ගිහින් කියලා.. ඒකත් හොදයි නැත්නම් මෙලහකට කොල්ලා හොද බැනුමක් අහගෙන බ්‍රෙක්ෆස්ට් ගත්තේ නැතුවට...

වොෂ් එකකුත් අරන් පොඩි බොක්සර් ෂෝටකට, ෂෝට පේන නොපෙනෙන තරමේ ලොකු ටී එකක් දාගෙන කොල්ලා රූම් එකෙ බැල්කනි එකට ආවේ තාම බඩගින්නක් නැති නිසා.. තව ටිකකින් දවල්ටම කනවා කියලා රූම් එකේ මිනි ෆ්‍රිජ් එකෙන් කෝලා කෑන් එකකුත් අරගෙන කොල්ලා බැල්කනී එකේ ස්වින්ග් චෙයා එකේ වාඩි වුනේ අහස දිහා බලන ගමන්.. හිතට පාලුවක් එන වෙලාවක මෙතෙන වාඩිවෙලා ඉන්න වේද් කැමති.. සැනසීමක් නැතත් හිත ටිකක් හරි නිවෙනවා අහසේ පාවෙන වලාකුළු දිහා බලාගෙන ඉන්නකොට...

                                                 ඒත් අද අහසත් හොදටම කලු කරලා.. කොල්ලගෙ හිත වගේම අදුරු වෙලා.. ඒ අස්සේ වැහි බීරමට කලින් එන සීතලම සීතල හුළං පාරක් ඇවිත් කොල්ලගේ ඇගේ දැවටුනෙ කොල්ලා ස්වින්ග් චෙයා එකෙන් නැගිටලා ගිහින් බැල්කනි එකේ වැටට බරවෙනකොට.. වේද්ට හොදටම ෂුවර් තව ඩිංගකින් හොදටම වහිනව කියලා.. හිතුවා වගේම අහසින් වැහි පොද එක දෙක වැටෙද්දී කොල්ලා අත එලියට දික් කරලා ඒ වැහි බින්දු දෙක තුනක් අල්ලට එකතු කරගත්තේ නිකම්ම හිතේ ඇතිවුන හැගීමට.. කොල්ලට මතකයි ඉස්සර වන්ෂ් එක්ක වැස්සෙ නටන හැටි.. වන්ෂ් හරි ආසයි වැස්සට.. කොල්ලා අල්ලට එකතුවුන වැහි බින්දු ටික මූණට විසික් කරගත්තේ ඒ වතුර බිංදු කොල්ලාගේ මුණ සිපගන්න වෙලාවේ කොල්ලාගේ මුවේ මැවුණ දගකාර හිනාව දිහා ලෝභ කමෙන් බලන් හිටපු කෙනෙක් එයාගේ පපුවට අත තියාගනිද්දී...

🔥වේද්🔥 ( Sinhala BL)Where stories live. Discover now