Introduction!

88 18 15
                                    

හායි මයි චොකෝස්,

මම දන්නේ නැහැ මේ පොත ඔයාලා කොහොම බාර ගනියි ද කියලා. ඒත්... මට ආසයි Daily Reminder කෙනෙක් වෙන්න. ඇත්තටම ඒක මගේ ආසාවක්. ඉතින්... මම හිතුවා.. ඇයි මම ඒක මෙතනින් පටන්ගන්නේ නැත්තේ කියලා.

ඇත්තටම Daily Reminder කියලා කිව්වාම ගොඩක් බලාපොරොත්තුවෙන්න එපා.. මට ඕනේ.. ඇත්තටම තව කෙනෙක්ට ශක්තියක් වෙන්න. හරියටම කිව්වොත් මම හිතනවා ඒකෙන් තමයි මටත් ශක්තියක් ලැබෙන්නේ කියලා. ඉතින්.. මම දන්නවා ඔයාලා අතරින් එකම එක කෙනෙක් හරි ඇති.. නෙගෙටිව් එනර්ජි එක වැඩි.. හ්ම්ම්.. නැහැ අපි මෙහෙම කියමු, පොසිටිව් එනර්ජි එක ටිකක් විතර අඩු. ඉතින්.. එහෙම ඕනේ කෙනෙක්ට මේ පොත විවෘතයි.

Daily Reminder කියලා කිව්වට මම දන්නේ නැහැ මට මේක දිනපතාම අප්ඩේට් කරන්න වෙලාවක් තියෙයි ද කියලා. ඒත් මට මේ වගේ දෙයක් පටන්ගන්න ඕනේ වුණා. මගේ ලගත් නෙගෙටිව් එනර්ජි ගොඩක් තියෙනවා, මට ඒවා පලවා හරින්න ඕනේ නිසා මම මේ පොත අරින්නේ.

ඉතින් Basically මේක කතන්දර පොතක් නෙවේ. නිකං.. පොසිටිව් එනර්ජි බෙදන්න හදපු තැනක්. ඉතින්... හරියටම කිව්වොත් මම කියවන තැනක්.. ඉතින් මගේ කියවිල්ල අහගෙන ඉන්න බැරි හැමෝටම කියනවා මේ පොත කියවන්න එපා කියලා.

ඉතින් මම මගේ උපරිමයෙන් පොසිටිව් එනර්ජි එක බෙදන්න උත්සාහ කරනවා. ඔයාලාත් මේකට සහභාගීවෙයි කියලා හිතනවා. සමහරවෙලාවට මේ පොත හරහා අපිට ගේම්ස් කරන්න, ගොඩක් පොසිටිව් දේවල් බෙදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ආයෙත් කියනවා මේක කතන්දර පොතක් නෙවේ. මේක මම පොසිටිව් එනර්ජි වෙනුවෙන් හදන තැනක්.

මම හිතනවා ඔයාලාට මේ පොත ගොඩක් උදව්වෙයි කියලා. මොකද.. මම දන්නවා අපිට අපේ ලමයි.. ඒ කියන්නේ BTS ලා ගොඩක් පොසිටිව් එනර්ජි එක දෙනවා.. ඒත් අපි ඕනේ තරම් වැටෙන අවස්ථා තියෙනවා (එහෙම නැති අයත් ඇති. මං නෑ කියන්නේ නැහැ) ඉතින්.. ඔයාලාට හයියක් වෙන්න මට පුලුවන් දේ මම කරනවා.

දවසක මේ පොත දිහා බලලා සතුටුවෙන්න පුලුවන් විදිහේ දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.

තෑන්ක්ස් මේ තරම් දිගට කියෙව්වට.

ඉතින්.... Let's share only positive energy!!!

[කැමති නම් Library දාගන්න]

_🐞මිස් මින්ට චොකෝ🦄_

화이팅!!! ✊🏼💜Where stories live. Discover now