#02

40 11 0
                                    

2021.10.14
@17:21

හායි...,

කොහොමද ඔයාට?



මම දන්නවා අද දවසේ වැඩ ගොඩක් අමාරුවෙන්න ඇති.


ඔයා කරන්න යන දේවල් කීයකට නම් තව කෙනෙක් ඔයාට බනියි කියලා හිතිලා තියෙනවා ඇත්ද?



තව කෙනෙක් ඒ දේට අකැමතියි කියලා හිතිලා තියෙනවා ද?




මම දන්නවා... ගොඩක් හිතින් දුක්වෙනවා ඇති තව අය කීදෙනෙක් ඔයාට බනිනවද?




ඔයාට හොරෙන් අනික් අය එක්ක ඔයාට බනිනවද කියලා හිතලා.




සමහරවිට ඔයාගේ ඇදුම් ගැන කියලා,




සමහරවිට ඔයාගේ පෙනුම ගැන කියලා,




සමහරවිට ඔයාගේ හැසිරීම ගැන කියලා,





මේ ආදී...


නොයෙකුත් දේවල් ගැන කියලා මිනිස්සු ඔයාගේ හිත රිදවනවා ඇති.



ඒත් මට කියන්න තියෙන්නේ දුක්වෙන්න එපා...


මොකද අපි හැමෝටම එහෙමයි.


අපි හැමෝටම, ඔයා, මම, අපි ආදරේ කරන නලු නිලියෝ.., ප්‍රසිද්ධ අය.. අපි හැමෝම තව කෙනෙක්ගේ ඇස්වලින් විනිශ්චයකට ලක්කෙරෙනවා.




ඒ වගේම අපි අතිනුත් අනික් අයට ඒකම වෙනවා අපි නොදැනුවත්වම වුණත්.

ඉතින් ඒ නිසා තව කෙනෙක් හිතන දේ ගැන හිතලා,

තව කෙනෙක් ඔයා දිහා බලන විදිහ ගැන හිතලා,

තව කෙනෙක් ඔයාට බනින විදිහ ගැන හිතලා


ඔයා කරන්න ඉන්න හැම හොද දෙයක්ම නතර කරන්න එපා!








මොකද මේ ලෝකෙට ඒ හොද දේවල් ඕනේ!!!


සමහරවෙලාවට බහුතරය ඒකට අකමැතිවුණත්, ඒ දේ ඕනේම කරන සුලුතරයක් මේ ලෝකෙ ඉන්නවා!


ඉතින් ඒ දෙතුන්දෙනා වෙනුවෙන් හරි, ඔයා ඔයා කරන්න ඉන්න හොද දේවල් කරන්න ඕනේ!

අනික් අයගේ මතිමතාන්තර ගැන හිතලා නතර කරන්න එපා!!


ඔයාගේ ගමන ඉදිරියටම යන්න!



හ්වයිටින්ග්! ✊🏼💜


_🐞මිස් මින්ට චොකෝ🦄_

화이팅!!! ✊🏼💜Where stories live. Discover now