#01

70 16 13
                                    

2021.10.13
@05:25



හායි.. කොහොමද ඔයාට?

හ්ම්ම්... මම දන්නවා ජීවිතේ හැම දවසක්ම හොදින් ගතවෙන්නේ නැහැ. අපිට කරගන්න ඕනේ වැඩ අපිට ඕනේ වෙලාවට, ඕනේ විදිහට වෙන්නේ නැහැ.

අපි මේ වැඩේ, මේ වෙලාවට ඉවරකරනවා, මේ විදිහට ලස්සනට, හොදට කරනවා කියලා හිතුවට අපිට සමහර වෙලාවට අපි හිතන වෙලාවට ඒ වැඩේ ඉවර කරන්න තියා පටන්ගන්නවත් වෙන්නේ නැහැ.




ඒත්..,



ඇයි අපි ඊයේ දවසේ අපිට කරන්න බැරිවුණ දේවල් ගැන අද දවසේ වද වෙවී ඉන්නේ?



අද කියන්නේ ඊයේ නෙවේ...



අද කියන්නේ අද!




ඉතින් හැමෝටම ගුඩ් මෝනින්!



උදෙන්ම ඇහැරිලා අද දවසේ වැඩ කරන්න යනවා නම් ඔයා.., "හ්වයිටින්ග්". ඔයා කරන්න යන හැම හොද වැඩක්ම හොදින්ම සාර්ථකවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.





දන්නවද?



අපි කරන වැඩේට අපි හදවතින්ම කැපවෙලා, මහන්සිවුණොත්, ඒ වැඩේ අපිට සහ මුලින්ම ඉවරකරගන්න බැරිවුණත් හදවතට පුදුම සතුටක් දැනෙන්නේ.


ඇයි දන්නවද?



මොකද අපේ හෘද සාක්ෂිය දන්නවා අපි අවංකවම මහන්සිවුණා කියලා.



ඉතින් අද දවසේ ඔයාගේ හෘද සාක්ෂියට අවංකවම මහන්සිවෙලා වැඩ කරන්න!!


වැඩ කරලා දවස අවසානයේදී ඒ සතුට විදින්න, ඔයා ඇත්තටම මහන්සිවෙලා වැඩ කලා කියන!



ඒ සතුට මා එක්කත් මේ පොතේ බෙදාගන්න අමතක කරන්න එපා හොදද?



ඉතින්... ආයෙත් ගුඩ් මෝනින්!! ☕



සුභම සුභ උදෑසනක් ඔයාලා හැමෝටම!!!!

_🐞මිස් මින්ට චොකෝ🦄_

화이팅!!! ✊🏼💜Where stories live. Discover now