කුකී ගේ බයිසිකලේ😂💔👏

1.3K 269 81
                                    

ඔන්න ඉතින් අපේ පොඩි කුකී ට අවුරුදු 10 උපන්දිනය නිසා  අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුනා...අපේ කුකිත් දන්නේ නැද්ද..එයා හෙන කූල් කොල්ලා කියලා පෙන්නන්න තමා ඕනේ...

ඉතිං ඔන්න දවසක් කොල්ලගේ සියා නැත්තම් ඉතින් හරබෝජි කුකී ගේ ගෙදර එනවා නිවාඩුව ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතිං ඔන්න දවසක් කොල්ලගේ සියා නැත්තම් ඉතින් හරබෝජි කුකී ගේ ගෙදර එනවා නිවාඩුව ට...ඉතිං මේක තමා  තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න හොදම වෙලාව කියලා හිටපු කුකී ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ තිබුණු පරණ තාලේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාට එයාගේ වැඩ ටික ප්‍රදෘෂණය කරන්න ගත්තා ලු...

Time skip

 දැන් පැය බාගේක ඉඳන් මේ කොල්ලා ගේ  මල කරදරේ නිසා විට හපන එක නවත්තලා කුකී ගේ මහළොකු  බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා වත්තට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් පැය බාගේක ඉඳන් මේ කොල්ලා ගේ  මල කරදරේ නිසා විට හපන එක නවත්තලා කුකී ගේ මහළොකු  බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා වත්තට ගියා..

කුකී ගේ ගෙදර ටිකක්  මෙයින් රෝඩ් එකක් ළග තිබුණු පටු පාරක  තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යාන්න පුළුවන් නිසා...

දැන් ඔන්න කුකී දාන්න පුළුවන් ඔක්කොම සීන් දාලා  තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කුකී ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට

 පලමු වටයේදී කුකී ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සීයේ.... මේ... ඔයාගේ කුකී කකුල් නැතුව පදින්නේ.."  කියාගෙන ය...

දෙවෙනි වටයේදී කුකී ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ...කුකී ගේ අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

තුන්වෙනි වටය පැදගියේ කුකී සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... කුකී ගේ අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

කුකී ගේ දක්ෂයතාවය නිසා විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

"මොකො කොළුවෝ උනේ ? "

"අය්යෝ සීයේ....." හොටු පෙරමින් කුකී  තතැනුවා.

"ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

"දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

--------

වෙච්ච දේ පැහැදිලි නේ!?

ඔන්න ඉතින් ආයේ සතියකට එන්න වෙන්නේ නැ...[එන්න බලන්නම්:)]

ඉතිං කොහොමද මේ කොටස ?

කොමෙන්ට් 30 ක් ඕනේ...!!!!!,

නැත්තම් ලියන්නේ නැ නවත්තනවා:)
[ස්මයිල් ඉන් පෙයින්:)]

ගිහින් එන්නම්...




_Geethi_



වලත්ත𝗺𝗜𝗡𝗗 Where stories live. Discover now