1st Day..

584 82 21
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කොහොම
කොතැනක
කෙළෙස
රැඳුණද
අන්සතුය බව
නොරහසක්..!
නමුදු
ස්නේහය
අරුමයකි
ලොව
නොලැබුණත්
හද සැනසුමක්...!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය.., ලබා ගැනීමක්ම විය යුතුද..?


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

වෙහෙසකර පුහුණුවීම්, ප්‍රසංග, විවිධ රූගතකිරීම් වලින් ටිකකාලෙකට විවේකයක් ලැබුණෙ සෑහෙන්න කාලෙකින් වුණත් ඒ ලැබුණ විවේකෙදිවත් තමන්ට ඕන විදියට නිදහසේ ඉන්න නොලැබෙන එක ගැන කොල්ලගෙ හිතේ තිබුණෙ නොරිස්සුමක්. පොඩිම වෙලාවකටවත් තමන්ට ඕනෙ විදියට නිදහසේ එළියෙ ඇවිදින්න, තමන්ට නිදහසක් නැති වුණත් මිනිස්සු ගැවසෙන තැන් වල ඒ මිනිස්සු එදිනෙදා ජීවිතේ නිදහසේ ගෙවන විදි‍ය බලන්න, වටපිටාවෙ තියෙන මිහිරි සුළග නිදහසේ විදගන්න, කොටින්ම නිදහසේ හුස්මක් ගන්නවත් කොල්ලට බැරි වුණේ කොල්ල යන යන තැන කොල්ලගෙ ආරක්ශාවට පස්සෙන් යන්න ආයතනයෙන් ආරක්ෂකයො දාලා තිබුණ නිසයි. ලෝකයක් ආදරේ කරන, ගෞරව කරන තරුවක් වෙච්ච එයාට එහෙම ආරක්ශාවක් දීලා තියෙන්නෙ තමන්ගෙම හොදට කියලා කොල්ලා දැනගෙන හිටියත් ඒක එයාට වෙලාවකට ලොකු කරදයක් වුණා.

~~~~~~~~~~~~~~

ඇත්ත.., කිරිගරුඬ පාටින් දිලිසෙන ශරීරයක්, සිහින් දිග ඇස් දෙකක්, ලෝකෙ කෙනෙකුට කලාතුරකින්ම පිහිටන දකින අය ඇබ්බැහි කරගන්න පුලුවන් හිනාවක් වගේම ගැඹුරු හඩකට උරුමකම් කියන ලෝකප්‍රකට BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ කිම් ටේහ්‍යුන්ග්ට නිදහසේ තනියම එළියට යනව කියන එක හීනයක් වගේ. ඒත් එයාට ඕනෙ වුණා ඒ හීනෙ හැබෑ කරගන්න.

මුලු අහසම රෝස පාටට හුරු තැඹිලි පාටක් අරගෙන තිබුණෙ මුලු පරිසරයමත් ඒ පැහැයටම පෙරලන ගමන් ඒ හවස් කාලෙ සුන්දර බව හැම කෙනෙකුටම අගවන්න වගේ. තමන්ගෙ කාමරේ ඇදට වෙලා කල්පනා කර කර හිටපු ටේහ්‍යුන්ග් නැගිටලා ගිහින් කාමරේ දොර ඇරලා එළියට බෙල්ල දාලා බැලුවෙ කවුරුත් ළගපාත ඉන්නවද බලන්න වුණත් කවුරුවත් හිටියෙ නෑ. එහෙමම කාමරේ දොරත් ලොක් කරගෙන ඇතුලට ආපු ටේ සැහැල්ලු ඇදුමක් ඇගට දාගෙන හූඩි එකත් ඇදගෙන කැප් එකත් දාගෙන මාස්ක් එකත් දාගෙන එයාගෙ රූම් එකේ බැල්කනි එක ළගටත් ගිහින් එළිය බැලුවෙ කවුරුත් ඉන්නවද කියලා සැක ඇරල දැනගන්න. තමන්ගෙ ප්ලෑන් එක අද නම් සාර්ථකයි කියලා හිතපු ටේ ඉක්මනින්ම කාමරෙන් එළියට ඇවිත් රූම් එක ලොක් කරලා ඩෝම් එකේ පිටිපස්ස පැත්තට ගියා. හිතුව වගේම කවුරුත් නොහිටපු එක අවස්ථාවක් කරගත්තු ටේහ්‍යුන්ග් පුලුවන් ඉක්මනින් පස්සෙ ගේට් එකෙන් එළියට ඇවිත් ඉස්සරහට ඇවිදන් ගියා.

7 Days 🍂 || KTH || Short FF [Completed] ✔️Where stories live. Discover now