2nd Day..

261 69 37
                                    

_7 Days_

_____________________________________

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය..,
ලබා ගැනීමක්ම විය යුතුද..?

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

______________________________________

"අන්‍යොං...👋👋👋 ඔන්න එහෙනම් අදත් මං ආවා. අපි බලමු ඔයා අද කොහොමද මගෙන් බේරෙන්නේ කියලා.."

"ආර් යූ රෙඩී..?"

"යෑස් අයිම් රෙඩි.."

"හනා තූල් සෙත්"

"ආයිශ් මිස් වුණා නේද.."

කලින් දවසෙ වගේම චෙරි බ්ලූසම් ගහ යටට ආපු කෙල්ල අදත් එයාට ඊයෙ මිස් වුණ වැඩේ කරන්න පටන් ගත්තෙ හොද ගැම්මක් අරන් වුණත් ඒ ගැම්ම ලත් තැනම ලොප් වුණේ අල්ලන්න උඩ පැනපු මල් අත්ත මිස් වුණ නිසයි. ආයෙම වතාවක් ගහ දිහාට ඇගිල්ලක් දික් කරලා සද්දෙ පිටට නෑහෙන්න මොන මොනවදෝ කියපු කෙල්ල ආයෙම උඩ පැන්නෙ අර මල් අත්ත අල්ල ගන්න හිතාගෙන. ප්‍රශ්නත් තමන්ම අහලා උත්තරත් තමන්ම දෙන කෙල්ලව දැක්කම ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ කෙල්ලට පිස්සුද කියලා. ඒත් ඒ පිස්සු හැසිරීම ඇතුලෙ හරිම ආදරණීය හුරතලයක් තිබුණා.

~~~~~~~~~~~~~~~~

අදත් ඩෝම් එකෙන් එළියට පැනගත්තු ටේ පාර්ක් එක දිහාට ආවෙ ජයග්‍රාහී ලීලාවක් හිතට විතරක් නෙමෙයි ගතටත් ආරෝපනය කරගෙනමයි. පාර්ක් එකට ආපු ටේ වට පිට බල බල ඉස්සරහට ඇවිදගෙන ගියෙ මගහැරුණු දෙයක් හොයාගන්න වගේ. ටික දුරක් යනකොට ටේහ්‍යුන්ග්ගෙ කකුල් ඉබේම නතර වුණේ එයාට මගහැරුණු දේ එයාගෙ ඇස් ඉස්සරහ තියෙනව කියල දැනුණ නිසා කියලයි මට නම් හිතුනෙ.

"ඕහ්.. අදත්..? එයා තාම උඩ පනිනවා.."

ඔව් කොල්ලා දැක්කෙ කලින් දවසෙ චෙරි බ්ලූසම් ගහ යටට වෙලා උඩ පැන පැන මල් කඩන්න ඔට්ටු වුණ ගෑණු ළමයා අදත් එතනට වෙලා ඒ වැඩේම කර කර ඉන්නවා. අදත් කලින් දවසෙ වගේම ටේගෙ මූණට නිරායාසයෙන්ම හිනාවක් ආවෙ කෙල්ලගෙ ඒ හැසිරීම දැකල. කෙල්ල දිහා බලාගෙන ටේ අඩියෙන් අඩිය ඉස්සරහට ගියේ කෙල්ල ළගට යන්න වගේ.

7 Days 🍂 || KTH || Short FF [Completed] ✔️Where stories live. Discover now