7th Day..

370 66 90
                                    

_7 Days_

________________________________

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය..,
ලබා ගැනීමක්ම විය යුතුද..?

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_________________________________

කෙල්ල අද වෙනදට වඩා කලින් චෙරි බ්ලූසම් ගහ යට හිටියා. ඒ වෙනද ඒ ඇස් වල හැංගිලා තිබුණ ඒත් අද එළියට ආව වේදනාවක් දුකක් එක්ක. ඈතින් පේන පාරෙ එහා කෙළවර දිහා බලාගෙන හිටපු කෙල්ල උණුසුම් සුසුමක් හෙලන ගමන් යන්තමින් හිනා වුණා. කෙල්ල කල්පනා කරන බවක් පේන්න තිබුණෙ නැතත් එයාගෙ ඉරියව් හැම එකම වේදනාවක් හිතේ තිබුණා කියන්න සාක්ශි වුණා.

"මාස්ටර්"

"ඕහ් ක්‍රිශී., ඔයා ආවද..?"

ඈත බලාගෙන හිටපු කෙල්ල ක්‍රිශීගෙ හඩත් එක්ක ආපිට බලලා කතා කලා. ක්‍රිශී සුපුරුදු හිනාවෙන් ඒකට පිළිතුරු දුන්නම කෙල්ල ආයෙම ඈත පේන පාරෙ කෙළවර දිහා බැලුවා.

"මාස්ටර්.."

"ක්‍රිශී මම ඔයාට කිව්වනෙ දැන් මට මාස්ටර් කියන්න එපා කියලා."

"මියානේ ඔන්නි.."

"හරි හරි ළමයො.."

"ඔන්නි.., ඔයා බලන් ඉන්නේ එයා එනකන්ද..?"

ක්‍රිශී අහපු ප්‍රශ්නෙට කෙල්ල ගොලු වෙලා ගියා. කෙල්ලට ඕනෙ වුණා ඒකට උත්තරයක් දෙන්න ඒත් කෙල්ල කළේ හිනා වුණ එක විතරයි. ඒ හිනාව ඇත්තම හිනාවක්ද මවා ගත්තු හිනාවක්ද කියලා ක්‍රිශීට හිතා ගන්න බැරි වෙන්න ඇති. ඒත් කාලයක් තිස්සෙ කෙල්ලව ඇදුණුව මට ඒක මවා ගත්තු හිනාවක් කියලා අදුරගන්න බැරි වුණේ නෑ.

"ඔන්නි.. ඔයා දැන් යන්න ඕනේ. එයාලා ඔයා එනකන් බලන් ඉන්නවා. ඔයාට පරක්කු වෙයි.."

ක්‍රිශී කිව්ව දේ ඇහුණත් කෙල්ල තාමත් පාර දිහා බලාගෙන. ටිකකින් ක්‍රිශී දිහා බලපු කෙල්ල කතා කළා.

"ක්‍රිශී ඔයාට පුලුවන්ද මට එක උදව්වක් කරන්න."

"කියන්න ඔන්නි ඕනම දෙයක්."

"ඔයාගෙ ෆ්ලයිට් එක තියෙන්නෙ අද රෑ නේද..?"

"ඔව් ඔන්නි."

7 Days 🍂 || KTH || Short FF [Completed] ✔️Wo Geschichten leben. Entdecke jetzt