5th Day..

194 61 27
                                    

_7 Days_

____________________________________

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය..,
ලබා ගැනීමක්ම විය යුතුද..?

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_____________________________________

ගෙවුණ දවස් හතරෙදිම ටේහ්‍යුන්ග් කලින් ආවත් අද එයාට කලින් පුරුදු තැනට ආවෙ කෙල්ල. ඒ චෙරි බ්ලූසම් ගහ යටට වුණු කෙල්ල එතනට එන පාරෙ ඈත කෙලවර දිහා බලන් හිටියෙ එයා වෙනද දැකපු ඒ කඩවසම් පිරිමි රුව බලාපොරොත්තුවෙන් වගේ. ඒ ඇස් අදත් වෙනද වගේම හරිම එළියයි ඒත් ඒ ඇස්වල අමුතු කතාවක් ලියවිලා තිබුණා. ටික වෙලාවක් පාර දිහා බලාගෙන හිටපු කෙල්ල ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා. ආයෙම පාරේ ඈත කෙළවර බලපු කෙල්ල හිටපු තැනින් පාරට ඇවිත් ඒ පාරට පහළින් තිබුණ ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කර කර හිටපු ළමයි දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ටික වෙලාවක් එහෙම බලාගෙන හිටපු කෙල්ලගෙ අවදානය බිදුනෙ එයාගෙ ඇගේ බෝලයක් වැදුන් නිසයි.

"ආහ්.. මේක කොහෙන්ද ආවේ..?"

තමන්ගෙ ඇගේ වැදිලා කකුල් දෙක ළග වැටිලා තිබුණ බෝලෙ අතට අරගත්තු කෙල්ල වටපිට බැලුවෙ ඒකෙ අයිති කාරයයෙක් හොයා ගන්න. එතකොටම එතනට දුවගෙන ආපු ලස්සන චූටි පිරිමි ළමයෙක් කෙල්ල ඇදගෙන හිටපු ශර්ට් එකෙන් ඇද්දා.

"ච්වේසොංහම්නිදා..(සමාවෙන්න) ඔය බෝලෙ මගේ. ඒක මට දෙන්න පුලුවන්ද..?"

චූටි පිරිමි ළමයා ආචාරශීලි විදියට ඒත් හරිම හුරතලේට හිනා වෙනගමන් කෙල්ලගෙ අතේ තියෙන බෝලෙ පෙන්නලා ඇහුවම කෙල්ලගෙ මූණට ලස්සන හිනාවක් ආවා. ළමයා ළගට පාත් වුණ කෙල්ල තමන් අතේ තිබුණ බෝලෙ ඒ පැටියා අතට දීලා එයාගෙ කොණ්ඩේ පොඩ්ඩක් ඇවිස්සුවා. කෙල්ල එක්ක ආයෙම හිනා වුණ ඒ පිරිමි ළමයා ටිකක් එහාට දුවගෙන ගිහින් ආයෙම කෙල්ල පැත්තට බෝලෙ විසික් කළේ කෙල්ලව සෙල්ලමට ගන්න වගේ. තමන් පැත්තට ආයෙම බෝලේ එනව දැකපු කෙල්ල නිරායාසයෙන්ම හිටපු තැනින් මෙහාට පැනලා ඒ බෝලෙ බිමට වැටෙන්න නොදී අල්ල ගත්තාම අර දරුව උඩ පැන පැන අත්පොඩි ගහන ගමන් හිනා වුණා.

7 Days 🍂 || KTH || Short FF [Completed] ✔️Where stories live. Discover now