02

376 82 54
                                    

" මොකද මියා කට වැහිලා? " මම සූබින් නෑ නෑ ඇපලෝ උතුමාණන් එක්ක හෙඩ් මාස්ටර්ගෙ ඔෆිස් එකට යන ගමන් හිටියෙ.  කදවුරේ ළමයි අපි දෙන්න දිහා බලාගෙන හිටියෙ හරියට ගිලින්න වගේ. එයා ආපහු සාමන්‍ය ඇදුමට පරිවර්තනය වෙලා හිටියෙ

" මම ආයේ ඔයා එක්ක කතා කරන්නෙ නෑ සූබින්. සමාවෙන්න. ඇපලෝ උතුමාණන් " මම කීවෙ පුදුම තරහකින්. මට ආයෙත් හොදටම තරහ ගිහින් හිටියෙ. එතකොටම ඈතින් අකුණක් කොටනව ඇහුණා.

" මට දැන් යන්න වෙනවා. තාත්තා මට කතා කරනවා. ඔතනින් ඇතුළට යන්න. මම ඔයාව පස්සෙ යාලු කරගන්නම්කො" ඇපලෝ අතුරුදහන් උනා.

මම තරහ පිට කරේ ඔෆිස් එකේ දොරෙන්. මම ගහපු පයින් පාරට දොර හයියෙන් ඇරුණා.

" ඔහොම තරහ යන එක එච්චර හොද දෙයක් නම් නෙවේ " කාමරෙන් කටහඩක් ඇහුණා. එයාටත් හොද දෙකක් කියන්න හැදුවත් ඔහුට තිබුණු කරුණාවන්ත පෙනුම ඉස්සරහ මම නැවතුණා. එයා බොහොම තරුණ කඩවසම් කෙනෙක්.

" සමාවෙන්න " මම හිතන්නත් කලින් මගෙ කටින් පිට වුණා. වාහ්!! මම කාගෙන්වත් ලේසියෙන් සමාව ගන්න කෙනෙක් නෙවේ.

" ඕහ් ඒකට කමක් නෑ. ඔක්කොටම කලින් සන්සුන් වෙන්න. ගෑණු ළමයි ට ඔහොම තරහ යන එක හොද නෑ "

" ඔයා ඒක දන්නවද? මම කීවේ උතුමාණෙනි "මම පුදුමයෙන් අහද්දි ඔහු හිනා වුණා. ඔහුට තිබ්බේ ලස්සන dimple smile එකක්

 ඔහුට තිබ්බේ ලස්සන dimple smile එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඕහ් ඔයා ශෝක් කෙලි පොඩ්ඩක් නේ. මටත් චූටි නංගියෙක් හිටිය නම්. ඒත් මට ඉන්නෙ යක් පැටියෙක්. ඔයාගෙ වයසෙම.  අනික මට උතුමාණෙනි කියන්න එපා. එතකොට මම නාකී වගේ. අනික ඔව්, මම දන්නවා ඔයා ගෑනු ළමයෙක් කියලා "

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now