03

289 80 39
                                    

" නැගිටින්න දරුවෝ. ඔයා මෙහෙ ආරක්ෂිතයි. " මම කෑගහගෙන නැගිටිද්දි කට හඩක් ඇහුණා.

" ඔයා ක- " මට කතා කරගන්න බැරි වුණේ මගෙ ඔළුව පුපුරන්න වගේ ආපු නිසා. " කවුද ඔයා? මම කොහෙද මේ? " මම අමාරුවෙන් ඇහුවා. එතකොටයි මම දැක්කෙ කතා කරපු කෙනාව. මෙච්චර කාලෙකට මම දැකපු කඩවසම් ම මුහුණ. ඒ මුහුණේ කරුණාවන්ත සිනිහවක් රැදී තිබුණා.

" මම කිම් සෝක්ජින්. ඒ වගේම නම්ජුන් ගෙ හ්‍යන්ග්. ඒ වගේම අර යක් පැටියගෙත්. මට ජින් කියන්නකෝ . ඔයා දැන් ඉන්නෙ මගෙ කැබින් එකේ. අමාරු ලෙඩ්ඩු ගේන්නෙ මෙහෙට. මගෙ සුවකිරීමේ බලය ශක්තිමත් නිසා "

" ඔයාගේ වචනවලත් ඒ බලය තියෙනවද? මට පුදුම සනීපයක් දැනෙන්නෙ "

" ඔව් මම සුවකිරීමේ බලයයි, වශීකතනයයි එකතු කරනවා. ඔයාට දැන් පහසුවක් දැනෙනවද? "

" ඕ ඕයාට තෑන්ක්ස් " මම කීවෙ ඇදෙන් බහින ගමන්.

" පළවෙනි දවසෙම ප්‍රශ්නයක් දාගත්තා නේද? පොඩි මල්ලිට ප්‍රතිවාදියෙක් හම්බුණාමද කොහෙද. ඒකත් ශෝල් කෙලි පොඩ්ඩක් " මම ජින් ඔප්පා දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. "ඔව් මම ඒක දන්නවා. හැබැයි පොඩි මල්ලි දන්නේ නෑ. අපි පස්සෙ කතා කරමුකො. ඔයා යන්න ඕනි දැන්. ලොකු මල්ලි බලාගෙන ඇත්තෙ.  හැබැයි එයා වැරදි වැඩ කරන අයට නම් කරුණාවන්ත නෑ. "

" මටත් ඒක හිතුණා. නම්ජුන් ඔප්පට වැඩිය ඔයා හොදයි වගේනේ "

" අනේ ඉතිම්. කෝ දැන් යන්නකෝ. " කියපු ඔප්පා මාව ඔෆිස් එකෙන් එළියට දැම්මා. එළියෙ හිටියෙ ජිමින්. එයා එක්ක අර ගුටි කාපු ළමයත් හිටියා. මාව දැක්ක ගමන් එයා දසන් විදහා සිනාසුණා. එයාට තිබුණෙ දීප්තිමත් සිනහවක්. ගැළැපෙන ම වචනෙ sunshine.

" ඔයාට අවුලක් නෑ නේද? නම මොකක්ද ඔයාගේ? "

" නෑ නෑ එහෙම අවුලක් නෑ. ඔයාට ගොඩක් ස්තූතියි. මම පළවෙනි සේනාංකෙන් හෝසෙක්. හොබී කියලා කතා කරන්නකෝ. "

" මොකක්? ඔයා පස්වෙනි එකේ නෙවේද? අර ළමය කීවෙ එහෙමනේ. නේද ජිමින්? "

" ඔව් ඇපලෝ විතරයි මෙයාට හිමිකම් කියලා තිබ්බේ. මෙයාට කිසි බලයක් නැති නිසා පහේ හිටියෙ. ටිකකට කලින් මහී දෙවගන මෙයාට හිමිකම් කීවා. එයාගෙ බලේ වැඩිනේ. ඉතිම් මෙයා කෙලින්ම පලවෙනි එකේ  " ජිමින් පැහැදිලි කළා.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now