15

220 56 34
                                    

" නෑ මේක වෙන්න බෑ. ඔයාට එහෙම යන්න බෑ. " මම කෑගැහුවා. ඒත් එක්කම මම යුන්ගි ඔප්පගෙ අතින් අල්ලගත්තා. " ඔප්පා දිගටම මතුරන්න. ආත්මය නිදහස් වෙන්න දෙන්න එපා. "

" ඒත් මියා "

" කියන දේ කරන්න " ඔප්පා මතුරන්න පටන් ගත්තා. මම හිතින් ඇෆ්‍රොඩයිට්ව මතක් කළා. ජින් ඔප්පගෙ ශ්ක්තියත් මතක් කළා. මට දැණුනා මාව ආපහු දිලිසෙනවා කියලා. ඒත් ඒ සුදු පාටින් නෙවේ. රතු පාටින්. මම පුළුවන් තරම් කටහඬ මිහිරි කරලා කතා කරන්න උත්සාහ කරා.

" කිම් ටේහියුන්ග්, මම නුඹව නැවත කැඳවනවා. ඔබ අප සමඟ අවසානය තෙක් රැඳී සිටිය් යුතුයි. මාගෙ අවසරය ලැබෙන තෙක් ජීවත් විය යුතුයි. "
විනාඩි ගාණක් ගතවුණත් කිසිවක් සිදුවුණේ නෑ.ඒත් ජිමින් ඉහළට අදිනවා ඇහුණා.

" බලන්න මියා, ඔයා ආර්ටෙමිස්ගෙ විතරක් නෙවේ. ඇෆ්‍රොඩයිට්ගෙත් ලෙෆ්ටිනන්ට්. බලන්න ඔයා දිහා. " චිමී කෑගැහුවා. ඒත් මම හිටියේ ටේ ගැන සිහියෙන්. මතුරපු එක නතර කරපු යුන්ගි ඔප්පා කතා කළා.

" ජලය නිසා අග්නිය විනාශ වුවත්, ආදරයේ දියණිය නැවත අග්නිය සුවපත් කරනු ඇත "

" ඒ අනාවැකිය. ජලය කියන්නේ මියා. අග්නිය කියන්නේ ටේ. එතකොට ආදරේ දියණිය කියන්නෙ, ඇෆ්‍රොඩයිට්ගෙ අළුත් ලෙෆ්ටිනන්ට් මියාටම තමා " මම තවත් බලාගෙන හිටියේ ටේගේ ඇස් දෙක දිහා. ඒත් එයා එකපාරටම ගැස්සුණා. එයාව දිලිසෙන්න පටන් ගත්තා. තුවාලෙ ආපහු හාවුණා. දෙතුන් පාරක් හයියෙන් කැහැපු එයා නැඟිටලා වාඩි වුණා.

" මම මේ මැරිලද ඉන්නේ? " ජින් ඔප්පා එයාගෙ ඔළුවට එකක් ඇන්නා.

" නෑ අණ්ඩපාලයෝ. අපිත් බයවුණේ එහෙම වුණා කියලා තමයි. ඒත් මියා "

" මියා, මියා ඇත්තමයි මට වචන නෑ කියන්න ඔයා ගැන. ඒක නම් හාස්කමක්. ඒ වගේ දෙයක් දෙවි කෙනෙක්ටවත් කරන්න බෑ. " මම එතුමියට යන්තම් හිනා වුණා විතරයි. ඒත් එක්කම මගෙ අවධානය යොමු වුණේ ජන්කුක්ට. මම පැනපු ගමන් එයාව බදා ගත්තා.

" ඕහ් මගෙ කෙල්ල. මම හිතුවෙ ඔයාව මගෙ කරගන්න බැරිවෙයි කියලා " එයා කතා කළේ මගෙ ඔළුව අතගාන ගමන්. මට ලොකු සැනසීමක් දැනෙද්දී මම එයාට තව ටිකක් තුරුල් වුණා.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Onde as histórias ganham vida. Descobre agora