10

232 62 15
                                    

කාමරේට ආපු මම කණ්ණාඩියෙන් දැක්කේ මගේ වෙනස්ම ප්‍රතිරූපයක්. මට හුස්ම ගන්නත් අමතක වුණා. මම ඒ තරම්ම ලස්සනයි. පොඩි කාලේ ඉදන් ම මම ආස වුණේ මේ වගේ පෙනුමකට. මම මගේ මුණ අතගාලා බැලුවේ මේ ඉන්නේ මම ම ද කියලා බලන්න.

      " ඔව් ඔව් , ඔය ඉන්නේ ඔයාම තමයි. බොරු කියන්න ඕනි නෑනේ ඔයාව මුලින්ම ඔහොම දකිද්දි මටත් පිස්සු හැදුනා වගේ වුණා." චිමී කීවේ ඈනුමක් අරින ගමන් " පස්සේ කථා කරමු Good night . " කියපු චිමී ඇඳට වැටුණා. විනාඩි 5ක් යන්නත් කලින් මේ යකා ගොරවන්න පටන් ගත්තා. මම හැදුවේ ඇඳුම් මාරු කරන්න. මොන පිස්සුද ගවුම ගැලවුණේ නෑ. මම පැයක් විතර දැඟලුවත් ගලවන්න ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළා මේකප් හෝදන්න ඒත් හෝදන වාරයක් ගානේ ඒවා ආපහු තැවරෙනවා. අනිත් මඟුල කොණ්ඩේ ගැට ගහන්න හැදුවාට ආයේ ලෙහෙනවා. මම පැය 3 ක් විතර දැඟලුවා. අන්තිමට උදේ 6 ට බෙල් එක වදිද්දී  චිමී නැගිට්ටා. මම බිම ඉඳගෙන හිටියේ. මට නින්ද ගියෙම නෑනේ .

     " Good morning කෙල්ල, කාලෙක්ට පස්සෙ හොඳට නින්ද ගියා. ඔයා කෑ ගැහුවේත් නෑනේ ." චිමී කිව්වේ ඇස් පිහිදාන ගමන්. " මොකද මේ බිම ? "  චිමී අහද්දී මම විස්තරේම කීවා.

      " අයියෝ , තිබුණු නිදිමතට ඒක කියන්න අමතක වුණානේ. ඔය ආශිර්වාදේ දවස් 2 - 3 ක් තියෙනවා. අනේ sorry මියා. "

       " ඒකට කමක් නෑ චිමී, ගිහින් wash දාගෙන එන්න. අපි යන්න ඕනි. " චිමී wash දාගෙන එද්දි මගේ ඇස් පියවෙනවා. " හරි අපි යමු " කියපු චිමී මගේ අතින් ඇදගෙනම ගියා. නින්දත් - නොනින්දත් අතර හිටපු මම ඇස් වහගෙනමයි ගියේ. අන්තිමට චිමී ගමන නතර කරලා මාව බිම ඉන්දෙව්වා. නින්ද යාගෙන එද්දි දෙපැත්තට වැනි වැනි හිටපු මට අහුවුණේ කොට්ටයක් තරම් සනීප කාගේ හරි උරහිසක්. එයා ගාවින් ආපු ස්ට්‍රෝබෙරි සුවඳට මට එහෙමම නින්ද ගියා.

මියා, දැන් ඇති නිදිය ගත්තා. නැගිටින්න අපි දැන් යන්න ඕනි." මාව ඇහැරුණේ ජින් ඔප්පාගේ සද්දේට .

     " අනේ තව විනාඩි 10 යි." මම ඔප්පාගේ අතත් හොඳට බදා ගෙන හිටියේ. "ඔයා ගාව ස්ට්‍රෝබෙරි සුවඳයි නේ." විනාඩියක් ඉන්න ඔප්පාගේ කටහඟ ඇහුණෙ මං ගාවින් නෙවේ නේ. එතකොට මම ඇස් ඇරලා බැලුවේ , මං කාගේ අතද බදාගෙන ඉන්නේ කියලා. කෙනාව දැක්කාට පස්සේයි මට පොළව පාලගෙන යන්න හිතුනේ.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now