06

242 71 16
                                    

"ඔයා මුලින් සන්සුන් වෙන්න.අපි මේක කථා කරලා විසද ගමු." එක නම් මට ඇහිලා නැති කටහඩක්.

"කථා කරලා විසදන්න දෙයක් නෑ.එයා මගෙ විතරමයි." අප්පට සිරි ඒ නම් බේබි කිම්.Hot news එකක්නේ.කෙල්ලෙක්ටද කොහෙද රණ්ඩු වෙන්නේ.

"මම එයාව අයිති කරගන්න හැදුවේ නෑ,ටේ.ඔයා සන්සුන් වෙන්න.මම එයාට ආදරේ කරනවා නම් මම මුලින් කියන්නෙ ඔයාට." 

සලබලාං

 වීදුරු බිදෙන හඩක්.

"ඔයා ඔය මොකද කරන්නේ."

"තමුසෙ ආයෙ එක ගැන වචනයක් හරි කියලා තිබ්බොත්,මට අමතක වෙයි තමුසෙ මගේ යාලුවා කියලා."

"මට එයාව හීනෙන් පෙනුනට මට කරන්න දෙයක් නෑනේ ටේ.ටිකක් තේරුම් ගන්න.මට එයා ගැන දැනෙන හැගීම ආදරයක් නෙවේ.එක ඊට වඩා වෙනස්."

"කාත් කවුරුත් නැති අනාථයා මට එනවාද හැගීම් ගැන උගන්නන්න.අපරාදෙ මන් තමුසෙට අනුකම්පා කරේ."ඒක නම් දරුනු වැඩී.

"මම යනවා ටේහ්‍යන්ග්.මම හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා.අනික මට එයාව ඔනි නැ."

"එයා මගේ,මගේ විතරමයි.කවුරු එයාට ළං වෙන්න හැදුවත් මම එයාව අළු කරනවා.ඒ ඔයා වුණත් ඒක එහෙමමයි.එයාගෙ වටේ කැරකෙන අනිත් එකා ගැනත් මම බලා ගන්නම්."

wash room එකේ දොර ඇරුණා.ආයෙත් සලබලාන්.

දොරෙන් එළියට ආවේ වෙන කවුරුත් නෙවේ.ජන්කුක්.එයාගේ මුණෙ කලකිරීමක් තිබුණා.මාව නොදැකපු එයා යුධ පිටිය දිහාට වේගෙන් දීවා.දෙපාරක් නොහිතපු මම wash room එක ඇතුළට ගියා.කණ්ණාඩි බිදිලා හැමතැනම විසිරිලා තිබුනා.ඒ මැද හිටගෙන හිටියේ ටේ හ්‍යන්ග්.මට කෑ ගැහුණා.එයාගේ අත් දෙකෙන් ලේ පෙරනවා.

"ඇයි තමුසේ ආයේ ආවේ?"කියලා හැරෙද්දියි දැක්කෙ මම ජන්කුක් නෙවෙයි කියන එක එයාව තරහෙන් පිච්චෙනවා.ඇස් දෙකෙන් ගිනි පිටවෙනවා වගේ හරියට.මට දැනුයි තේරෙන්නෙ මම හදාගත්තේ කොච්චර භයානක හතුරෙක්ද කියලා.

"තමුසෙ ආවේ කොයි වෙලේද?" එයා කතා කරපු විදිහට මට බය හිතුණා.

"ඔ..ඔයාගෙ අත්, ඒවගෙන් ලේ එනවා." දෙයියනේ මගෙ කටහඩ වෙව්ලනවා නේද?

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now