1 වන කොටස ❤💚

969 110 11
                                    

බෙයිජින් නගරයෙන් තරමක් ඈත ගම්බද ප්‍රදේශයක ප්‍රධාන මාහා මාර්ගයක් දිගේ වේගයෙන් ඉදිරියට ඇදෙන වාහානේකට වෙලා තරුනයෙක් ලොකු කල්පනාවක ගිලිලා. ඒ වෙන කවුරුත් නෙමෙයි මම. මගේ නම වන්ග් යීබෝ. කොච්චර කල්පනා කලත් මගෙ හිතේ තියන ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න තාමත් මට බෑ. කල්පනා කර කර හිටපු මම එක පාරටම මේ ලෝකෙට ආවෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙත් එක්ක. කෝල් එක පපාගෙන්.

"හෙලෝ පපා. නෑ තාම නෑ යන ගමන්. හරි මන් ගිහින් කතා කරන්නම්"

ගෙදර අය මෙහෙම එකපාරට වෙනස් වෙන්න තරම් මොකද උනේ කියලා හිතාගන්න බැරුව මන් ආපහු කල්පනා කරන්න ගත්තා. කොහොම උනත් සති තුනකට කලින් මට උන ඇක්සිඩන්ට් එකත් එක්ක මේකට මොකක්ම හරි සම්බන්දයක් තියනවා කියලා අන්තිමට මට හිතුනා.

මගේ පපා වගේම අයියත් මාව ටික කාලෙකට ගෙදරින් පිට තැනක නතර කරන්න තීරනය කරලා තිබුනා. මොනවා කියලා කරන්නද අන්තිමට ඒගොල්ලො මාව පපාගෙ ඈතින් නෑදෑ වෙන කෙනෙක්ගෙ ගෙදර නවත්තන්න ඔක්කොම ලෑස්ති කරලත් ඉවරයි. මන් මේ ගමනට අකමැති එත් ඒහෙමයි කියලා මට කරන්න දේකුත් නැති වෙනකොට මම අකමැත්තෙන් උනත් අයියගෙයි පපාගෙයි හිත රිද්දන්න බැරි කමටම මේ ගමන එන්න තීරනය කලා. ඉතින් මම දැන් මේ එහේ යන ගමන්. ගෙදර අය මගෙන් මේ වෙන දේවල් හංගන්න හදනවා. ඒත් කමක් නෑ මම මේ හැමදේම ගැන කොහොමහරි හොයාගන්නවමයි. කල්පනා කර කර හිටපු මට දිග සුසුමක් පිටවුනේ මන් ගැනම දැනුන අනුකම්පාව නිසා.

************************************

යීබෝ වැන්ග් යීබෝ ඒ කියන්නේ මම මන් තමයි වැන්ග් ෆෙන්ගෙ පොඩි පුතා. මට ඉන්නෙ මගෙ පපායි, අයියා වැන්ග් හයිකුවානුයි විතරයි. මගෙ මමා නෑ. හරියටම මට අවුරුදු 7 ක් වෙද්දි මගෙ මමා මාව තනිකරලා දාලා ආපහු කවදාවත් නොයෙන්නම යන්න ගියා... ඇත්තටම එදයින් පස්සෙ මම ටිකෙන් ටික වෙනස්ම කෙනෙක් උනා. අනිත් අය කියන විදිහට සීතල ගති තියන හුදෙකලාව ජීවත් වෙන්න කැමති කෙනෙක් උනා. මිනිස්සු එක්ක කතා කරන එක ඕනිවට වඩා ලන් කරගන්න එක වගේම විශ්වාස කරන එක මම නවත්තලම දැම්මා. මගේ හිනාව ඒක හරිම ගනන් මොකද මන් ඒක සම්පූර්ණයෙන්ම මරලා දාන තැනට වැටුනා. ඒ ඇයි දන්නවද මගෙ අම්මා මාව දාලා ගිහිපු දවසෙම තමයි මගෙ හිනාව නැති උනේ. එයා මාව තනිකරලා දාලා යද්දි මගෙ හිනාවත් මගෙන් අරගෙනමයි යන්න ගියේ.... ඒත් කොච්චර කොහොම උනත් මාව තනි නොකරපු මට තනි වෙන්න නොදීපු මටත් වඩා මගේ ගැන හිතපු කිහිප දෙනෙක් විතරක් මගේ ජීවිතේ මට වටින අය විදිහට හිටියා......

💚Stand By Me💚(Yizhan Ff Ongoing)💚Where stories live. Discover now