17 වන කොටස ❤💚

265 75 26
                                    

මන් දන්නෑ එක දිගට පැය කීයක් මම නිදාගත්තද කියලා. බෙහෙත් සැරට පියවෙච්ච මගේ ඇස් දෙක මන් අමාරුවෙන් ඇරගත්තෙ නතර වෙන්නැතුව රින්ග් වෙන ෆෝන් එකේ සද්දෙටමයි. කෝල් කලේ කවුරු උනත් මන් ආන්ස්වර් කරන්නෙ නැතුව කට් කරලා දාලා ආපහු චුට්ටක් ඇස් පියාගත්තා. එතකොටම මට ඇහුනෙ මගේ කාමරේ දොරට හයියෙන් කෑ ගගහා තට්ටු කරන සද්දයක් නිසා හොදට කන් දීගෙන මන් අහන් ඉද්දි ඒ චූටිගෙ කටහඩ කියලා මට තේරුනා.

නිදිමතේම වැනි වැනි වගෙ ගිහින් මන් දොර ඇරිය ගමන්ම එකපාරටම චූටියා හයියෙන් කෑගහගෙන මගේ ඇගට පැනලා මාව බදාගෙන අඩන්න ගත්තා. ඇත්තම කිව්වොත් නිදිමරගාතෙ ඉදපු මම බයත් උනා එක පාරට වෙච්ච දේ හිතාගන්න බැරුව.

එයා අඩනවා ඒත් මොකටද අනේ මන්දා මන් හිමීට එයාව එක්කන් ගිහින් මගේ ඇද උඩින් ඉන්දවලා මගේ ඇගේ වෙලිලා තිබුන එයාගෙ අත්දෙක අමාරුවෙන් ගලවගත්තා.

"බබා"
.............

"චූටියෝ"
...........

"චූටි බබා ඇයි මේ අඩන්නෙ ආ"

"අනේ බ්ලැකී.."

"බ්ලැකී තමා... මොකද උනේ චූටි කවුරුහරි ඔයාට බැන්නද නැත්තම් ගැහුවද ආ කියන්න මට"

එහෙම ඇහුවාමත් එයා ඔලුව වනනවා නෑලු. එහෙනම් ඇයි මේ මොකද්ද මේ ලමයට උනේ අනේ මන්දා දෙයියො මට තියන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දෙනවද කොහෙද

"බබා කෝ මෙහේ බලන්න ඔය ඇඩුවා ඇති දැන්"

"බ්...ලැ...කී..."

"ශාන් මෙහෙ බලනවා... නවත්තපන් ඔය අඩන එක. උබ මාව මාරයා කරගන්න ලෑස්ති වෙන්නෙපා චූටි... නවත්තගනින් ඕක."

ඇත්තමයි මට කේන්ති ගියා. එයා මුකුත්ම නොකියා අඩන එක බලන් ඉන්න බැරිම තැන මන් එයාට කෑගහලා සැර කලා. එතකොට නම් කොල්ලා අමාරුවෙන් කදුලු හලන එක නවතගෙගෙන මගේ දිහා බැලුවා ඒත් තාම චූටි ඉකියක් එයාගෙන් පිටවෙනවා

"දැන් කියනවා බලන්න මොකද ඇඩුවෙ කියලා"

මන් ඒකත් සැරෙන්ම ඇහුවා ඇයි ඉතින් හුරතල් කරන්න ගිහාම අහන දේට උත්තර දෙන්නෙ නෑනෙ.

"බ්ලැකී ඔයා.. කෑගහන්න එපානේ.... අනේ මන් බය උනානෙ බ්ලැකී... ඇයි ඔයා මට එහෙම කලේ.."

💚Stand By Me💚(Yizhan Ff Ongoing)💚Where stories live. Discover now