16 වන කොටස ❤💚

309 81 15
                                    

දින සති විදිහට කාලය හුගක් ඉක්මනට ගෙවිලා ගිහින් තියනකොට මන් මේ ගෙදර නවතින්න ඇවිල්ලා මාස එකහාමාරකුත් පහු වෙලා තිබුනා. ඉතින් සුපුරුදු විදිහටම වෙනදා වගේම උදෙන්ම නැගිටපු මම අද නම් හිටියෙ ලොකු සතුටකින්. ඒ ඇයි දන්නවද හෙට තමයි මගේ උපන් දිනේ. මගේ 28 වෙනි උපන් දිනේ. මන් ලොකුවට උපන්දින සෙලිබ්‍රේට් කරන්න කැමති නැති කෙනෙක් උනත් මේ පාර උපන් දිනේ නම් මට විශේශයි. මොකද මේ හිරවෙලා ඉන්න තැනින් එක දවසක් හරි නිදහස් වෙලා මට එලියට යන්න පුළුවන් වෙනවා හෙට.

එතකොට අද ගැන කියනව නම් අද සෙනසුරාදා දවසක් ඒත් මගේ චූටි මැණිකත් අද නිවාඩු අරන් ගෙදර ඉන්න නිසා උදේම නාගෙන මන් එයාව බලන්න පහලට ගියා. කිරි එකකුත් ඉල්ලගෙන බීලා මම චූටියාට මැසේජ් එකක් දැම්මා. මොකද මම දන්නවා එයා මේ වෙද්දි නැගිටලා ඉන්නෙ කියලා. එයාට එක්සෑම් ලග නිසා මේ දවස් ගානෙම එක්කො මහ පාන්දර නැගිටගෙන හරි නැත්තම් මහ රෑට නැගිටගෙන හරි එයා පාඩම් කලා.... මැසේජ් එක දාලා ටික වෙලාවකින් මට එයාගෙන් රිප්ලයි එකක් එනකොට එයා මටත් එලියට එන්න කියලා කතා කරලා තිබුනා.

ඇත්තටම මේ මාස එකහාමාර ඇතුලෙ එයයි මායි හිතාගන්න බැරි තරම් ලන් උනා වගේම මේ ගෙදරදි මගේ හිතට ඉදපු එකම සහනයත් එයා විතරයි. එයාට කොච්චර වැඩ තිබුනත් එයා නිතරම මගේ ලග දැවටි දැවටි හිටියා. මාව තනි නොකර ලගින්ම හිටියා. හැබැයි එහෙම ඉදලා මගෙන් බැනුම් අහගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි. මොන දේ උනත් මගේ හිතේ එයා ගැන තියන කැමැත්ත ආදරය මේ කාලෙ ඇතුලත තවත් වැඩි උනා වගේම මම තේරුම්ගත්තා ඒකපාර්ශවික ආදරයක් මොන වගේද කියලා වගේම අනිත් කෙනා නොදැන එයා ලගින් ඉදන් එයාට ආදරේ කරන එකත් කොච්චර අමාරුයිද කියලා.

පරන දේවල් හිත හිත අන්තිමට මන් එයාව හොයාගෙන ගිහිම් එයා ලගින්ම නතර උනා.

"චූටියා"

"බ්ලැකියෝ"

"ඔන්න ඉතින් ඒක කිව්වා.. මේ තරම් දවසක් ඔය නම කොච්චර මගේ කනට ඇහුනා උනත් අදටත් නිකන්ම මගේ මූන හපුටු වෙලා යනවා....අනේ මන්දා අප්පා ඒ නම ඇහෙනකොට මට දැනෙන්නෙම නිකන් මන් බලු කුක්කෙක් කියන ෆීලින්ග් එක වෙනකොට මන් ඒ නම මාරුකරන්න කියලා එයාට වැද වැටුනත් එයා ඒක වෙනස් කරන්න පොඩ්ඩක් වත් කැමති උනේ නෑ

💚Stand By Me💚(Yizhan Ff Ongoing)💚Where stories live. Discover now