01.Gangwon do

2.7K 289 13
                                    

මිත්‍යාවන්..! ලෝකයේ කෙතරම් සිදුවීම් තියෙනවද මිත්‍යාවක් විතරක්ම වෙලා ගිය.හරියට මිනිස් අර්ධයක් වගේම මාළු වරලක් තියෙන දිය කිදුරො වගේ..

එවැනි දියකිදුරෙකු හා මිනිසෙකුට ආදරයෙන් බැදෙන්න බැරිද..?

බාධක මතින් දිවෙන මේ ඔවුන්ගේ ආදර කතාවයි..!!

°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

මීට අවුරුදු පහකට පෙර සිදු වූ තම පියාගෙ සහ මවගේ ඛේදනීය මරණයත් එක්ක ඔවුන්ගෙ එකම පුත්‍රයා වෙච්චි කිම් ටේහ්‍යුන්ග් මේ ලෝකයේ තනිවෙන්නෙ එයා වයසක සීයත් එක්ක.නාන්න තරම් සල්ලි තිබුන නිසාම දෙමව්පියො මැරුණත් හොඳ ජීවිතයක් ගත කරන්න එයාට පුලුවන් උනා..මේ වෙද්දි වයස අවුරුදු විසි එකක් වන ටේහ්‍යුන්ග් එයාගෙ සීයගෙ බලකිරීමට සෝල් වලින් ගැන්ග්වොන්ඩෝ එන්නෙ උසස් අධ්‍යාපන සදහා.

"සීයා..මං අන්තිම පාරට එක දෙයක් කියන්න ද..?"

වයසක සෝ ජූන්ගෙ අත් දෙකෙන් අල්ලගත්ත ටේහ්‍යුන්ග් එයාගෙ මූණට එබිලා ඇහුවා.

"කියන්න මයි සන්..."

"මට ගැන්ග්වොන්ඩෝ යන්න බෑ සීයා..ඇයි මට සෝල් යුනිවර්සිටි එකට යන්න බැරි.. අනික මගෙ යාලුවොත් ඉන්නේ මෙහෙනෙ..."

ටේහ්‍යුන්ග් මූණට හුරතල් පෙනුමක් අරගෙන කිව්වෙ වයසක සෝ ජූන්ව කොහොම හරි කැමති කරගන්න හිතාගෙන.ඒත් ටේහ්‍යුන්ගෙ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙලා ගියේ එයාගෙ සීයගෙ රත්තරන් පාට බස්තම කෙළින්ම ටේහ්‍යුන්ගෙ පශ්චාත් භාගෙ රත් කරද්දී..

"ආව්ව් සීයා..ඕක ගහන්න දෙයක් ද අනේ...ඔයාගෙ චූටි මුණුබුරාගෙ පස්ස පැත්ත ගුටි කාලම රතු වෙලා.."ටේහ්‍යුන්ග් මූණ ඇඹුල් කරගෙන පස්ස අතගාන ගමන් කිව්වා.

"දන්නවනෙ මයි සන් මේක ඔයාගෙ ඩඩාගෙ තීරණයක් කියලා..එයා ඒ කාලෙ ඉදන්ම ඔයාව ගැන්ග්වොන්ඩො වල යුනිවර්සිටි යවන්නනෙ ප්ලෑන් කලේ.. හොඳ කොල්ලා වගේ මේ අවුරුදු තුන ස්ටඩී කරලා එන්න..ආවම ඉතින් ගැලපෙන කෙල්ලෙක්වත් හොයාගන්න බැරියෑ...."

"ඔහ් සීයා..! මං කෙල්ලන්ට කැමති නෑ..ඕකේ මම දැන් යන්නම්..ඔයා වෙලාවට බෙහෙත් ගන්න හරිද..වැකේෂන් එකේදි මං එන්නම්කො ඔයාව බලන්න.."

Sexy Mermaid | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [ ʙʟ ʀᴏᴍᴀɴᴄᴇ ]Where stories live. Discover now