03.At the beach

1.4K 256 60
                                    

_පසු දා උදෑසන_

"ගුඩ් මෝර්නින් ටැනී..කෝ එන්න මං ළගට..."

ටේහ්‍යුන්ග් එයාගෙ උකුල පෙන්නලා කතා කලාම බලු කොල්ලා දිවත් එළියට දාගෙන ටේහ්‍යුන්ගෙ උකුලට පැන්නා.ඒ කරලා යොන්ටැන් අත් දෙක ටේහ්‍යුන්ගෙ පපුව උඩට තියලා ඉස්සිලා ටේහ්‍යුන්ගෙ මූණ ලෙවකන්න ගත්තා..ටේහ්‍යුන්ග්ට මේක සාමන්‍ය දෙයක් නිසා එයා යොන්ටැන්ගෙ බූල් අතින් අවුස්සන ගමන් බලු පැටියගෙ ඔලුව සිපගත්තා.

"ටැනී අපි අද ඇවිදින්න යමු ද මේ වටපිටාව බලන්නත් එක්ක..ම්....?"ටේහ්‍යුන්ග් ඇහුවම යොන්ටැන් ' බව් ' කියලා සද්දයක් දැම්මා..

"ගුඩ් බෝයි..අපි ගිහින් ඇවිත් නාමු..."කියලා ටේහ්‍යුන්ග් යොන්ටැන්ව ඇඳ උඩින් තියලා වෙන ඇඳුමකට මාරු වෙන්න ගියා.

බලු කොල්ලත් එක්ක ගෙදරින් එළියට ආව ටේහ්‍යුන්ග් වාහනයෙ නැගලා ඒක මුහුදු වෙරළ පැත්තට ධාවනය කලා..ලුණු රස මිශ්‍ර වෙච්චි සුළඟ ඇවිත් ටේහ්‍යුන්ගෙ ඇගේ වැදිලා අමුතුම හැඟීමක් ඇති කලා..

ටේහ්‍යුන්ග් වාහනය වෙරළ ආසන්නයේ නතර කරලා බල්ලවත් එක්කගෙන වෙරළ පැත්තට ඇවිදගෙන ගියා.

"බව්..."

කොලර් බෙල්ට් එකක් දාලා හිටිය යොන්ටැන් බලු කෙල්ලක් දැකලා බුරන්න ගත්තා.ඒ සද්දෙට යොන්ටැන් දිහා බැලුව බලු කෙල්ල විරිත්තලා අහක බලාගත්තෙ ටේහ්‍යුන්ග් ඒ වෙච්ච දේ දැකලා හිනා වෙද්දි..

"ටැනී ඔයාට හොඳ වැඩේ කික්කියන්ට ලයින් දාන්න යනවට...."

යොන්ටැන්ගෙ ඔලුව අතගාලා හිනා වෙන ගමන් කිව්ව ටේහ්‍යුන්ග් වෙරළෙ නිදහස් කෙළවරක තිබ්බ ගල්තලාවක් ළගට ඇවිදගෙන ගියා.

"වාව්..! මෙහෙ පට්ට නිදහස් නෙ..මාරම සැහැල්ලුවක් දැනෙන්නේ..අනික මේ බීච් එකත් පට්ට ලස්සනයි..දවසක යාලුවොත් එක්ක සෙට් වෙලා ආතල් එකක් ගන්න ඕනෙ.."

ටේහ්‍යුන්ග් ගල්තලාවට හේත්තු වෙන ගමන් හිතුවෙ කකුලෙ වදින වතුර රැලි දිහා බලාගෙන.

----------------------------------------------

"මේ සුවඳ..! ඒක මේ ළගින්මයි දැනෙන්නේ..ආෂ්..ඒක මාව පිස්සු වට්ටනවා මට මාව පාලනය කරගන්න බැරි තරමටම.. මොකක්ද ඇත්තටම මේ..මම අද මේ ගැන හොයාගෙනමයි නවතින්නේ..."

Sexy Mermaid | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [ ʙʟ ʀᴏᴍᴀɴᴄᴇ ]Where stories live. Discover now