04.You must kill him

1.3K 241 20
                                    

කිඳුරු මිටියාවතට ආව ජන්ග්කුක් කොරල්පරක් වටේ වේගෙන් වටයක් පීනලා ගිහින් ඒ අවට පීනමින් හිටිය හාල් මැස්සො රංචුවකුත් බය කරලා පන්නලා දැම්මෙ හිනා වෙන ගමන්.

ජන්ග්කුක්ගෙ අමුතු හැසිරීම දිහා ඈත ඉදන් බලාගෙන හිටිය ලීසා එයා ළගට පීනලා ආවා..

"ජන්ග්කුක් මොකද ඔයා අද අමුතු විදියට හිනා වෙන්නේ.. වැරදි කෑමක්වත් කාලද....?"

ලීසා ඇහුවම ජන්ග්කුක් ලීසාගෙ අත් දෙකෙන් අල්ලගෙන එයාවත් කැරකුවා..

"ආආ...ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ ජන්ග්කුක්.."ලීසා ටිකක් සද්දෙන් අහද්දි ජන්ග්කුක් කැරකෙන එක නවත්තලා හති අරින්න ගත්තා.

"මුකුත් නෑ ලීසා..මම නිකං මේ විදිහට කැරකෙන්නෙ.."

ජන්ග්කුක් කිව්වම ලීසා ජන්ග්කුක්ගෙ උඩ ඉදන් යටටම බැලුවෙ ඔළුව ගලකවත් වැදිලද කියලා..

"ඕන එකක්..මං ඔයාව හොයාගෙන ආවෙ ඔයාගෙ අම්මා ඔයාව ඉක්මනටම එක්කගෙන එන්න කියපු නිසා..එයාට වැදගත් දෙයක් කියන්න තියේලු.."

"හරි අපි යමු.."

ජන්ග්කුක් ලීසාත් එක්ක අම්මව හම්බවෙන්න ගියා.
.
.
.
.
.

"අම්මා ඇයි මට එන්න කිව්වෙ..මොකක් හරි වැදගත් දේකටද..?"ජන්ග්කුක් ඇහුවා.

"ඔව්.. ගොඩක් වැදගත් දෙයක්..."අම්මා එහෙම කිව්වම ජන්ග්කුක් ඇස් අමුතු කරලා බැලුවෙ ඒ මොකක් ගැන වෙන්නැති ද කියලා.

"ඔයාට අමුතු සුවඳක් දැනුනා කිව්වා නේද ගොඩ බිම හරියෙන්..මම ඒක අපේ රැලේ මහලුම කිඳුරියට කිව්වා..එයා කිව්වෙත් මම හිතපු දේම තමයි.."

"ඒ මොකක්ද අම්මා.. ඉක්මනට කියන්නකො.."

"ඔයාගෙ මේට් ජීවත් වෙන්නේ ගොඩබිමේ.ඒකයි ඔයාට එයාගෙ සුවඳ ගොඩබිම දිශාවෙන් ආවෙ.එයා ඊයෙ මේ මුහුද ආසන්නයට ඇවිත් තියෙනවා.ඇත්තටම පුතා මේක ගොඩක් අසාමාන්‍ය දෙයක්.. "

"අම්මා එතකොට මම එයා එක්කද මගෙ ජීවිතේ ඉතුරු කාලෙ ගත කරන්න ඕනෙ..? මනුස්සයෙක් එක්ක..?"

"හ්ම්..ඔව්.."

"ඒත් මම මුහුදෙම හිටියොත්..?"

Sexy Mermaid | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [ ʙʟ ʀᴏᴍᴀɴᴄᴇ ]Where stories live. Discover now