05.To the mate's house

2.4K 265 87
                                    

තවත් දිනක් ගත උනාට පස්සේ එදින රාත්‍රියේදී ගැන්ග්වොන් ඩෝ මුහුදු තීරයට ආපු ජන්ග්කුක් සීතල මදනළ දිගේ හමාගෙන එන ටේහ්‍යුන්ගෙ සුවඳ ඉව කරන ගමන් ටේහ්‍යුන්ග් ඉන්න තැන හොයාගෙන ඇවිදින්න ගත්තා.

ජන්ග්කුක් වතුරින් එළියට ඇවිත් පැයක් පසුවුනාම එයාගෙ නොපෙනී සිටීමේ ශක්තිය නැති වෙලා ගියත් රාත්‍රිය නිසා එයාව කාටවත්ම පේන්නැති නිසයි ජන්ග්කුක්ගෙ අම්මගෙ උපදෙස් අනුව එයා ගොඩබිමට ආවෙ.

ජන්ග්කුක් සුවඳ දිගේ ඉව අල්ලන ගමන් යද්දි එයාගෙ සිනිඳු කකුල්වල යටිපතුල් ඇවිදලම වේදනා දුන්නා.අද දවස ඇතුලත ටේහ්‍යුන්ග් ඉන්න තැන කොහොම හරි හොයාගන්න ඕන නිසා එයා වේදනාව ඉවසගෙන ඉදිරියටම ඇවිදගෙන ගියා.

"හම්මෝ මාර මහන්සියක්නෙ..මුහුදෙ දවසම පීනලත් මගෙ වරල මෙච්චර රිදෙන්නෑ..මිනිස්සු කොහොම කකුල් වලින් ඇවිදිනවද මංදා.."

අවටින් එන සීතල සුළං රැලි නිසා ඇඟේ හිරිගඩු පිපෙද්දි තමන්ගෙ සීතල අත් එකට අතුල්ලන ගමන් ජන්ග්කුක් හිතුවා.එයා හිටිය තවත් එක අඩියක්වත් ඇවිදගන්න බැරි තරම් මහන්සියෙන්.විනාඩි තිහක් තිස්සේ කකුල් රිදෙනකම් එයා සුවඳ පස්සේ ඉව අල්ල අල්ල ඇවිද්දා.

වටේටම තිබුනෙ එක එක ජාතියෙ ගස් වගේම තැනින් තැන විදුලි බුබුලු පත්තු වෙන නිවාස.. පරිසරයෙ තිබුන නිහඩතාව බිදිමින් විටින් විට පාරෙ වාහන කිහිපයක් නොගියමත් නෙමෙයි.ජන්ග්කුක් හරිම පරිස්සමෙන් අඩිය තිය තිය කලින්ට වඩා තදට දැනෙන මේට්ගෙ සුවඳ දිගේ ආවා.

ජන්ග්කුක් නැවතුනේ සුපර් මාකට් එකක් ළග.රාත්‍රිය නිසා සුපර් මාකට් එක ඉස්සරහ කාර් තුනක් පමණක් නවත්තලා තිබුනා.ජන්ග්කුක්ට තිබ්බ පුදුමෙ අමුතු සුවඳ මේ තැනින් එන එක.සමහරවිට ඒ මනුස්සයා මෙතන ඇති කියලා හිතලා ජන්ග්කුක් සුපර් මාකට් එක ළගට කිට්ටු කරන ගමන් එයා ඉන්නවද කියලා බැලුවා.

එක පාරටම සුපර් මාකට් එකෙන් එලියට ටේහ්‍යුන්ග් එද්දි ජන්ග්කුක්ගෙ කටකොනේ හිනාවක් ඇදුනෙ ඒ මනුස්සයා හොයා ගත්ත නිසා.සුපර් මාකට් එකෙන් එලියට ඇවිත් තමන්ගෙ කාර් එක ළගට ඇවිදගෙන යන ටේහ්‍යුන්ගෙ පිටිපස්සෙන් ජන්ග්කුක් ඇවිදගෙන ගියා.ටේහ්‍යුන්ග් කාර් එකේ ඩිකිය ඇරලා එයාගෙ අතේ තිබ්බ බඩු මලු ටික ඇතුලට දාද්දි ජන්ග්කුක් තේරුම් ගත්තා මේක ටේහ්‍යුන්ගෙ වාහනය කියලා.ටේහ්‍යුන්ග්ට කෝල් එකක් ආපු නිසා එයා ඒකට ප්‍රතිචාර දක්වන අතරෙ ජන්ග්කුක් කාර් එකේ ඩිකියට රිංගලා ඒක අස්සට ගුලි වුනේ එයාගෙ හිත ඒක කරන්න කියලා බල කරපු නිසා.අනික ටේහ්‍යුන්ග්ව එයාට මගෑරුනොත්.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 24, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Sexy Mermaid | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [ ʙʟ ʀᴏᴍᴀɴᴄᴇ ]Where stories live. Discover now