Chapter 15🍁

141 30 23
                                    

ටේ...දෙයියනේ ජන්කුක් කොහෙද ටේ....

එයුන් අහනකොටයි ජන්කුක්ටත් ටේ ඉදපු හරිය බැලුනෙ..ජන්කුක් දැක්කෙත් නෑ එයත් එයුන්ගෙ සිහියෙන් නෙ හිටියෙ 🙂....එයුන්ගෙ සද්දෙ නිසා අනිත් තුන්දෙනත් එතනට දුවන් ආවා..

ජීන්: මොකද...කෝ ටේ...

එයුන්: එ..එයා...මෙ..මෙත..න හිටියෙ...අනේ...දැන් නෑනෙ...

කෙල්ල කියන්න දන්නෙ එච්චරයි...කෙල්ලත් එක්කම හිටියා දැන් නෑ.....කෙල්ලටත් නොදැනීම ඉකියක් එක්ක කදුලුවැල් ගලන් යන්න පටන් ගත්තා...

සෝයුන්: දන්නෑ කියන්නේ උඹත් එක්ක නේද හිටියෙ...

ජන්කුක්: ඔව් මෙතන තමයි හිටියෙ..දැන් අපි බලනකොට නෑ...

අනිත් තුන්දෙනා බලන් හිටියේ මෙ මොන හරුපයක්ද කියලා..මෙතන නම් හිටියෙ දැන් නැතිවෙන්නෙ කොහොමද උන් තුන්දෙනාට හිතුනෙ එහෙම...ජන්කුක් එයුන් කතා කර කර ඉන්න එකත් එයාල දැක්ක...
මේ අතරෙ ලීස් ජන්කුක්ට දාගෙන රවනවා...ජන්කුක්ටත් තමන් ගැන යම් වරදකාරී හැගිමක් ආවා...තමන් මෙතනට ආවෙ නැත්තං එයුන්ට ටේව මග ඇරෙන්නෙ නෑ කියලා ජන්කුක්ට හිතුනා...

එයුන්: අනෙ ටේ...කොහෙද ගියේ..මෙහෙම බලන් ඉන්නෙ ඇයි...එයාව හොයන්නෙ නැද්ද

එයුන් පිස්සියක් වගෙ අඩ අඩ කෑගහන්න ගත්තෙ අනිත් හතරදෙනා මුකුත් නොකර බලන් ඉන්න නිසා...කෙල්ලගෙ කෑගැහිල්ලට වටෙ ඉන්න මිනිස්සුත් මොකෙක්ද දිහා බලනව වගෙ බල බල යනවා...ඒවා කිසිදෙයක් කෙල්ලට ගානක් නෑ...

සෝයුන්:ජීන් අනේ..එයා වැඩි දුරක් යන්නෙ නැතුව ඇති..අපි යං...

එයුන්: අනෙ ඔප්පා මගෙ ටේ...අනෙ..මගෙයි වැරැද්ද...කොහෙ ගියාද මෙ කොල්ලා..😭💔

ලීස්: එයුන්, සිහියෙ ඉන්නවා මේ ගෙදර නෙවෙයි....එන්න එයා ඇති මේ ලගපාතම...

ඔය මොනව කිව්වත් එයුන්ට වැඩක් තියෙනවද දැන්...නෑ කෙල්ල හොඳටම අඩනවා..මොකද වැරැද්ද තමන්ගෙ බව කෙල්ල දන්නවා..ටේව දුන්නෙත් හොඳට බලාගන්න කියලා ඉතින් එච්චර විශ්වාසෙකින් දීලා මෙහෙම දෙයක් වුනාම...අනිත් එක මීට කලින් මෙහෙම වෙලා නෑ...ටේ හිටියෙ එයුන්ගෙ ඇස් මානෙ වගේම එයුන් ටේව පරිස්සම් කරෙ ඇස් දෙක වගේ...
අදත් එයුන්ගෙ වැරැද්දක් දකින්න බෑ මොකද කෙල්ල ඒ වෙලාවෙත් ටේගෙ දෙයක්මයි කතා කර කර හිටියෙ...
වැරදි වැටහීමක් අරන් ඉස්සර වුනෙ ටේ...ඒත් ටේට වරදක් කියන්නත් බෑනෙ..මෙ ලෝකෙ ආදරේ කියන දේ එයාට දෙන එකම එක්කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට..................

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now