Chapter 16🍁

141 32 10
                                    

Eun's pov:

ටේ මේ මොකද මේ....

කාමරේට ගිය මං දැක්කෙ තනියම එයාගෙ .......එකේ අර ජෙල් එක ගාගන්න ටේව...ඇයි එකපාරටම එහෙම තනියම කරගන්න හිතුනෙ එයාට...මං ගාවට ආව දවසෙ ඉදන් ඊයෙ රෑ වෙනකනුත් මං තමයි ඒක ගෑවෙ..එයාගෙ අකමැත්තක් තිබුනෙ නෑනේ...ඒත් හදිසියේ ඇයි මේ...
දැන් ඒ තුවාල ගොඩක් හොඳයි...ඇත්තෙම නැති තරම්..ජීන් ඔප්ප තාම නවත්තන්න කිව්වෙ නැති නිසයි ගාන්නේ...ලොකු තුවාල තිබුනෙත් නෑ...මතුපිටින් පොඩි පොඩි සීරීම් විතරයි...

දැන් මේ කොල්ල කලිසමකුත් නැතුව කකුල් දෙකත් පලල් කරන් අමාරුවෙන් ඒක ගානවා...ඒක නම් කමන්නෑ දැන් මං ඕක ඕන තරම් දැකල, අල්ලල තියෙනවා නෙ...මට අමුත්තක්,ලැජ්ජාවක් හිතෙන්නෑ ඒ ගැන...එයාටත් තේරුමක් නෑනෙ..

ටේ බබා..

කියාගෙන මං ලගට ගිහින් එයාගෙ අතෙන් ඒ ටියුබ් එක ගත්තමයි ඔන්න මගෙ දිහා බැලුවෙ...මෙච්චර කතා කරා බැලුවෙම නෑ...හරි මං දන්නවා වැරැද්ද මගේ...මං පුලුවන් තරම් සමාව ඉල්ලුවා ඒ ඇරෙන්න මටත් වෙන කරන්න දෙයක් නෑනෙ...එත් ටේ ඉස්සර වගෙ නෙවෙයි...මාව හොඳටම මග අරිනවා...ලගින්ම ඉදන් හුරතල් වෙන එයාගෙ පොඩි වෙනසක් වුනත් මට තේරෙනවා...

මූණ එල්ලන්,මං එක්ක කතා නෑ....පොඩ්ඩක් හරි කතා කරෙ මං එක්ක විතරයි දැන් ඒකත් නෑ...හරියට කන්නෙ නෑ...මාව එපා වෙලා වගෙ හැසිරෙන්නෙ...ඒක එයාගෙ ලෙඩේ නිසා නෙවෙයි කියන්න මං දන්නවා...මං නිසා..
ඒත් ටේ ඔයා මේ විදියට කරනකොට මට කොච්චර රිදෙනවද පැටියෝ...
ඔයාගෙ යුන් ඔයාට නොපෙන්න කොච්චර අඩනවද...
ඔයාගෙ යුන්ට කොහොමද මෙහෙම රිද්දන්නෙ....

මට මේ දේවල් එයාගෙන් අහන්න ඕන වුනත් ඒකෙන් වැඩක් නෑ කියන්න මං දන්නවා...ඒ පාර දැන් ටිකෙන් ටික සනීප වීගෙන එයා ආයෙ ලෙඩවුනොත්...මට ඕන්නෑ එහෙම කරන්න..ඒ හින්දා අමාරුවෙන් මං ඉවසන් හිටියා..ඒත් ඇත්තටම ගොඩක් දුක හිතෙනවා ටේ මාව ගනන් ගන්නෙ නැතිවුනාම....

මට ඕන වෙනද වගේම එයා මං එක්ක හුරතල් වෙනවට, පොඩ්ඩ පොඩ්ඩ හරි කතා කරනවට, එයාගෙ හිනාවට, මං ලග පොඩි එකෙක් වගෙ දැවටි දැවටි ඉන්න එකට....
කොටින්ම කිව්වොත් එයා නොදැනුවත්වම මට දෙන ඒ ආදරේට...
පහුගිය දවස් ටිකෙ මං ඒවා වින්දා...මං දැන් ඒවට ඇබ්බැහි වෙලා...ඉතින් ටේ මෙහෙම කරනකොට ඉවසන්න අමාරුයි...මං දන්නවා මං කොහොම හරි මීට වඩා ඉවසන්න පුරුදු වෙන්න ඕන..මොකද ලගදිම මීට වඩා වේදනාවක් මට ලැබෙයි...💔

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now