Chapter 19🍁

151 27 11
                                    


Tae's pov:

අපි ඔක්කොම සෝයුන්ලගෙ ගෙදර හිටියෙ...ඒ තුන්දෙනා කතාවක්...මට වැඩක් නෑනෙ ඒවා ඒ නිසා මං ටැනියා එක්ක සෙල්ලම් කර කර හිටියෙ...
මගෙ ඔලුවට ආවෙ ජිමින්ව හම්බුන එක....අවුරුදු ගානකට පස්සෙ මට හිටපු හොඳම යාලුවව දකින්න පුලුවන් වුනා...මං හිතුවෙ මට මේ වුන දේවල් එක්ක කවදාවත් ආයෙ එයාව දකින්නවත් බැරිවෙයි කියලා වගේම එයාට දැන් මාව මතක නැතුවත් ඇති කියලා...ඒත් එහෙම වුනේ නෑ...එයා මාව හොයාගෙන ඇවිත්...මං හැමදාම බලාපොරොත්තු වුන දෙයක් ඒක..ජිමින් මාව හොයන් ආයෙ එයි කියන එක...ඒක කොහොම හරි සිද්ධවුනා...

ඩොක්ටර්(ජීන්) යුන්ට කියලා මාව පහලට ගෙන්නන් එයාගෙ කාර් එකට දාගත්තා...ඒ වෙලාවෙ මගෙ එහා පැත්තෙ වාඩිවෙලා හිටියෙ ජිමින්...දෙයියනේ මං කොහොමද විශ්වාස කරන්නේ...මායි,ජිමිනුයි දෙන්නම විනාඩි ගානක් මූණට මූණ බලන් හිටියා...මට නම් මුකුත් හිතාගන්න බෑ ඇත්තටම...මගහැරුණු යාලුකමක් මෙහෙම ආයෙත් හම්බුනා කිව්වම..ඒක නිකන්ම යාලුකමක් නෙවෙයි මට...කාත් කවුරුත් නැති මට ඒ කාලෙ තිබුන එකම සැනසීම...මට කියලා හිටපු එකම කෙනා...එයත් නොකියම යන්න ගියාම.. මං කොච්චර අසරණ වුනාද..මං කොච්චර නම් ඇඩුවද...ඒ නිසා ජිමින් ගැන පොඩි තරහක් මට නැත්තෙමත් නෑ...මං හොල්මනක් දැකල වගෙ ජිමින් දිහා බලන් හිටියෙ..මට කතා කරගන්න නෙවෙයි කිසිදෙයක් හිතාගන්නවත් බෑ..

එයා එකපාරටම 'ටේ ටේ' කියාගෙන මහ හයියෙන් ඉකි ගහ ගහ අඩන්න ගත්තා මාවත් බදන්...
'ටේ ටේ' කොච්චර කාලෙකට පස්සෙද ඒ නමින් මට කතා කරනව ඇහුණෙ...එහෙම කතා කරන්නේ ජිමින් විතරයි..ඒක එයාම මට දාපු නමක්...ජිමින් ගියපු මුල් දවස් වල ටේ ටේ කියලා කතා කරනවා ඕන තරම් මගෙ මනසෙ දෝංකාර දෙන්න ඇති...ඒ වෙලාවට හිනාවෙලා, ආයෙත් මං අඩනවා...මොකද මං හිටියෙ කොහොමත් තනියම ඒත් ජිමින් ඒ තනිය නැතිකරා...ඒත් ඊටපස්සෙ එයා මාව ඉදියටත් වඩා තනිකමක දාල ගියා...

මාත් මුකුත් නොකියා ජිමින්ව ආපිට බදාගත්තා..අවුරුදු ගානකට මගෑරුණු ඒ යාලුකමේ උණුසුම...ඉස්සර නම් මං දුක්වෙන වෙලාවට සනසන ඒ බදාගැනීම අද ආයෙත් අපි මුණගැහුන සතුටට බදාගෙන...ඇත්තටමයි මට තාමත් මේ ඔක්කොම හීනයක් වගෙ හිතාගන්නවත් බෑ....
ඒ අතරෙ ඩොක්ටර් පිටිපස්සෙ සීට් එකෙ ඉන්න අපි දෙන්නා දිහා බලල හිනාවෙලා කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා...
ඒ කියන්නේ ඩොක්ටර්ත් මෙ හැමදෙයක්ම දන්නවද....
ඔව් නැත්තං කොහොමද එයා ජිමින්ව මට මුණගස්සන්නෙ...මොකක්ද වෙන්න ඇත්තෙ....ඒත් දැන් මට එ කිසිදෙයක් වැඩක් නෑ...කොහොම හරි ජිමින්ව ආයෙත් හම්බුනා නෙ..

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now