Chapter 27🍁

132 20 30
                                    

After 9/10 months.....

Eun's pov:

අද කාලෙකට පස්සෙ මට නිදහසක් දැනුන දවසක්...
කාලයක් ඔලුවෙ තිබ්බ බරක් බිමින් තියපු දවසක්...
අවුරුදු ගානක මහන්සියට පොඩි නැවතීමක් තියපු දවසක්...
මගේ හීනෙට පාර කපපු දවසක්...

ඔව්, අද තමයි අවුරුදු ගානක මගේ වෛද්‍ය ශිෂ්‍ය ජීවිතේ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස......
තවත් මාසයකින් හෝ දෙකකින් මගේ මහන්සියට අර්ථයක් දෙන්න ඒ ලෝගුව, ඒ තොප්පිය මට පැලදේවි....
මගේ මහන්සිය වෙනුවෙන් සහතිකයකුත් සමගම...
            මට ඒ ගැන කිසි සැකයක් නෑ...මං කියන්නේ මගේ ඉගෙනීම ගැන....
දන්න තේරෙන කාලෙ ඉදන්ම මට තිබුන හීනෙ මේක...
මගේ දෙමව්පියන්ට ඕනවුනේ මේක...
ඉතින් මං පොඩි කාලෙ ඉදන්ම ඒ වෙනුවෙන්ම මහන්සි වුනා...
ඒ නිසා මට ඒ ගැන කිසි සැකයක් නෑ...

නමුත් මට තියන එකම සැකය මං මගෙ උපරිමයෙන් කරාද කියන එක...
මගේ උපරිමය ඉදිරියටත් දෙන්න පුලුවන් වෙයිද කියන එක....
           මොකද මං Hospital වලට කැමති නෑ....
Injections, සේලයින්, මිනිස්සුන්ගෙ කෑගැහිලි, ලේ, තුවාල, අමුතු බෙහෙත් ගද, මැශින් වල සද්ද මේ කිසිම දේකට මං කැමති නෑ...
මං බයයි...
      ඒත් මං වෛද්‍ය වෘත්තියට ආසයි...
       මට ඒක කරන්න ඕන දහස් ගානක් තැවෙන හදවත් වෙනුවෙන් මගෙ සේවය දෙන්න ඕන...

ඒ බය දේට මං ආසයි...

හිමි හිමින් විශ්වවිද්‍යාලයේ විශාල ගේට්ටුව ගාවට ඇදුනු මං බිමට බර කරන් හිටපු ඔලුව උස්සල ආපහු හැරිලා බැලුවෙ අවුරුදු ගානක්ම මට සෙවණ දීපු මේ භූමිය දිහා...
මට විතරක් නෙවෙයි ලමයි දහස් ගානකට...
ඊයෙත්,අදත්,හෙටත් එයා පුරුදු විදියටම තවත් ලමයි දහස් ගානකට සෙවණ සපයාවි...
ඒත් මං එයාගෙ තුරුලෙ වෛද්‍ය ශිෂ්‍යාවක් විදියට ඉන්න අන්තිම දවස අද...
අන්තිම මොහොත මේක...
       මොකද මං ආයෙත් මේකට අඩිය තියන්නෙ ඒ 'උපාධිය' කියන වරම ගන්න විතරයි...
ඉගෙන ගන්න නෙවෙයි...

බරකින් නිදහස් වුන එක ගැන මගෙ හිත් කොනක පුංචි සතුටක් දැනෙද්දි ආයෙත් මෙතනට අඩිය තියන්න වෙන්නෑ නේද කියලා මතක්වුන නිසා මට දුක හිතුනා...
එදා ඉස්කෝලෙ අවසන් දවසෙ එලියට එද්දිත් මට මේ විදියටම දැනුනත් අද ටිකක් ඒක වැඩිපුර දැනුනාදෝ කියලා මට හිතුනා....
                   මෙතනට වඩා වැඩි කාලයක්  පාසලේ හිටියත්, මේ විශ්වවිද්‍යාලය කියන තැනට ආවට පස්සෙ ලබාගත් අත්දැකීම්,පොත පත වගේම ඉන් එහාත් ඉගෙනගත් දේවල්, තාරුණ්‍ය කියන දේ වින්ද තරම්, යාලුවො, ජීවිතය දැනගත් හැටි, නිදහස මේ හැමදේම පාසල කියන තැනට වඩා වැඩියෙන් ලැබුනා...
ඒ නිසාම වෙන්නැති එදාට වඩා අද මට ටිකක් දුක...

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now