Part 1

1.3K 173 26
                                    

මම ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක්...මට අක්කලා තුන්දෙනයි එක අයියෙකුයි ඉන්නවා...ඒ වගේම හොදම යාලුවෝ තුන් දෙනෙකුයි බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි...තාම මගේ වයස නම් දහ අටයි...
මගේ වගේම මගේ යාලුවන්ගෙ බෝයිගේ මේ හැමෝගෙම තාත්තලා ලොකු බිස්නස් මන්ස්ලා ..

මගේ ලස්සන ජීවිතේට නරක කාලයක් උදා වෙයි කියලා මට කවදාවත්ම හිතුනේ නැහැ..

🐸 මියූ...ක්ලබ් එක පැත්තෙ යමුද...

🌻 මේ මහ රෑ...

🐸 ඔව් බබී...

මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ජිම් මාව එයාගේ කාර් එකට දා ගත්තා...මේ තරම් රෑ වෙලා මම ක්ලබ් ගිහින්ම නෑ...ඒත් ජිම් කියන නිසා යන්න වෙනවා....
කාර් එක ක්ලබ් එකේ කා පාර්ක් එකෙන් නවත්තලා අපි ක්ලබ් එකට ගියා..

🐸 බේබී...රූම් එකට යමු..

🌻 බෑ ජිම්....මට ගෙදර යන්න ඕන...හොදටම රෑ වෙලා...අනික ඔයා හොදටම බීලා..

🐸 දැන් ඔයාට මා එක්ක ඉන්න බැරිද...ආහ්..

🌻 ජිම්...ගෙදර යමු..

ජිම් එනපොට හොද නෑ වගේ මට තේරුනා...එයා මගේ අතින් ඇදන් යන්න යද්දි මම බොහොම අමාරුවෙන් ඒ අත් වලින් ගැලවිලා ගෙදරට පයින්ම දුවන් ආවේ මග හිටියොත් ජිම් අල්ල ගනී කියන බයට...
හති දාගෙන ගිහින් ගෙදර දොරට තට්ටු කරාම දොර ඇරියෙ ලොකු අක්කා.

🎄 නංගි...මොකො මේ හති දාගෙන..

🌻...අ...අ..අක්කේ...ජිම් එයා මට කරදර කරන්න ගියා...මම එයාට ගහලා දුවන් ආවා...

මම බලාපොරොත්තු උනේ එන්න දුවේ කියලා මාව ගෙට ගනී කියලා...සිද්ද උනේ වෙනස්ම දෙයක්..

👨‍ මෝඩ කෙල්ල...කරදරයක් උනාට මොකද...ඒ ඔයා මැරි කරන්න ඉන්න කෙනානේ...

🌻 එ...ඒත්...

👩 ඒත්...ඒත්..තමා...අපි තමුසෙව හදාගන්න ගත්තෙ දවසක ඔය කොල්ලට බන්දන්න...මොකද ඒ වයසෙ ලමයෙක් නැති නිසා..

🎄 මැට්ටි...දන්නවද උබ මේ කරපු දෙයින් තාත්තගේ බිස්නස් වලට වෙන දේ...

මම ඔක්කොම අහන් හිටියේ අඩ අඩ...අයියා ගෙදර නෑ...අම්මයි තාත්තයි අක්කලායි මට හොදටම බනිනවා..😢😢 අම්මා කිව්ව දේවල්...මොනාද ඒ කිව්වේ...
අම්මා තරහින් දොර වහලා දැම්මේ මාව තල්ලු කරලා දාන ගමන්...වාසනාවන්ත කෙල්ලෙක්...මම ඉස්සර මා ගැන හිතුවෙ එහෙමයි...මට මොකක්ද මේ උනේ...
මම කලුවරේම ගියේ මගේ යාලුවෝ තුන්දෙනා ඩීනා,රෝසි,සෙලී නැවතිලා ඉන්න අපාට්මන්ට් එකට...මම ගිහින් දොරට ගැහුවා..

🐬 ඩීනා දොර ඇරලා බලපන්...

රෝසීගේ කට හඩ ඇතුලෙන් ඇහෙද්දි ඩීනා දොර ඇරියා...මම බලාපොරොත්තු උනේ එයා මාව බදාගෙන වරෙන් මචන් කියලා ගෙට ගනී කියලයි...ඒත් උනෙ වෙන දෙයක්...

🦀 අහ්...තමුසෙනෙ...ආන්ටි මට කිව්වා..තමුසෙ මුඩුක්කු අස්සෙ ඉදලා අනුකම්පාවට හදාගන්න ගත්ත එකියක් කියලා...ඔයා වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් ආශ්‍රය කරපු එක ගැන අපිට මාර ලැජ්ජයි...

මට වචනයක්වත් කියන්න නොදී ඩීනා දොර වැහුවා..මට අඩන්න විතරයි පුලුවන් උනෙ...මට දැන් කිසි දෙයක් නෑ...මම තනි වෙලා...













කොහොමද...☺️

මම ජෙසිකා..

මේ තමා සාමාන්‍ය මිනිස්සු ගැන මම ලියන පලවෙනි කතාව...මම මේක ලියන්න ප්‍රදාන හේතුව තමා අද මගේ ජීවිතේ වෙනස් කරපු කතාව හදලා අවුරුදු 9 යි..

ඒ කතාව මොකක්ද කිව්වොත් ඔයාලා මට හිනා වෙයි...🙂💔

මොකද ඒක කාටුන් එකක්...

ඒ කතාවේ විදිහට ඒකේ ප්‍රදාන චරිතය අවුරුදු ගානක් තනියෙන් ඉන්නවා...එයාව කාටවත් පේන්නෙ නෑ...කාටවත් ඇහෙන්නෙ නෑ...එයා දන්නෙ එයාගෙ නම විතරයි...අන්තිමට එයාව ගොඩක් වැදගත් ටීම් එකක සාමාජිකයෙක් විදිහට තෝරගත්තත් එයා කැමති වෙන්නෙ නෑ..එයා ආස තනිකමට...එයා ඒ ටීම් එකේ අයට උදවු කරන්න ගිහින් ඔක්කොම කනපිට හැරෙනවා...දුශ්ටයා දිනන ලකුනු පේනවා..ටීම් එකේ අය එයාව ප්‍රතික්ශේප කරනවා...දුශ්ටයා එයාව තමන්ගෙ පැත්තට නම්ම ගන්න හදනවා...ඒත් එයා හරි දේ විතරයි කරන්නේ....අන්තිමට එයා හොයා ගන්නවා එයා කවුද..කරන්න ඕන මොනාද කියලා...

අපිට ගොඩක් දුක හිතෙන දේවල් වෙන්න පුලුවන්...ඒත් ඒ හැම දෙයින්ම ශක්තිමත් වෙන්න

Miya✔️✔️Where stories live. Discover now