Part 6

597 136 16
                                    

අපි හතර දෙනාම කාර් එකට නැග්ගා..

🌸 ඩොලී...ඔයා ආස නැද්ද කැම්පස් යන්න...

🌻 ගොඩක් ආසයි...

💙 අපි නම් යන්නේ ස්ටාර් ඩ්‍රෝ එකට...ඔයාටත් තව අවුරුද්දකින් විතර එන්න පුලුවන්...

🌻 වාව්...මම එතෙන්ට යන්න ගොඩක් ආසයි...

ඒක තමා මගේ හීන පරාදීසේ...අක්කලා ජිම් හැමෝම ඒකට යන්නේ කියලා හිතද්දි මගේ හිතට පොඩි බයකුත් ආවා..

💜 ඔයා අපි එක්ක දිගටම ඉන්නවනේ...

🌻 ඔව්...

ෆ්‍රෙඩ් ඇස් කොනින් මා දිහා බැලුවේ අමුතු විදිහට..

🌸 ඔන්න එහෙ ගියාම ඩොලී ඉන්නේ අපේ ගෙදර...

💙 ඩොලී මා එක්ක හිටපු දෙන්...තමුසෙට ජෙවෝන් ඉන්නෙ..මමනෙ තනියෙන් ඉන්නෙ..

🌸 ඉතින් මට පාන්ද...

💙 ඩොලී ඉන්නේ මා එක්ක...එච්චරයි..

💜 උබ එක්ක ඩොලීව තියන්න බෑ...

💙 ඇයි...😒ඔයා එක්කයි ඩොලීව තියන්න බැරි...

💜 ටාරාත් ඉන්න නිසා ඩොලීව අපි අරන් යමු...

එතන එක කාලගෝට්ටියයි...අනේ මන්දා...පිස්සො සැට් එකක් වගේ...මටම හරි යනවා...

🌻 මම තීරනේ කරන්නම්..

🌸 ඒක නම් හොදා...

🌻 හතර දෙනාම එකට ඉමු..

💜 වටිනා අදහසක්..

💙 එහෙනම් අපේ ගෙදර ඉමු..

💜🌸 ඕකේ..

ජෙවොන් ලොකූ ශොපින් මෝල් එකක් ගාව කාර් එක නැවැත්තුවා...

💜 මෙතනින් පස්සෙ කෙලින්ම අපි ගෙදර..

🌻 හිටිය ගෙදරද..

💜 නැ..නගරෙ තියන ගෙදර...

🌻 හ්ම්...

මේ ගොල්ලෝ ගොඩක් පෝසත් අය වගේ...නැත්තම් මෙහෙම තැනකට එයිද...අනික ගෙවල් ගොඩ...

💙 කල්පනා කරන්නේ...ඇදුමක් තෝර ගන්නෙ නැද්ද?...

🌻 යන්...

ජෙවෝන් ටාරා එක්ක ඇදුම් තෝරන්න යද්දි ෆ්‍රෙඩ් මගෙ පස්සෙන් ආවා...

Miya✔️✔️Where stories live. Discover now