Part 3

769 155 11
                                    

මම ඇස් පියා ගත්තත් නින්ද මා ගාවට ආවේ නෑ...මට ඇස් අරින්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ...මහ වැස්සෙ තෙත ඇදුම් ඇදන් හිටිය මම වතුර බේරෙන රෙදි බෑග් එක තුරුල් කරගත්තේ උනුසුමක් බලාපොරොත්තුවෙන් උනත් ඒකෙන් උනේ මට තවත් සීතල වැඩි වෙන එක...මට අපැහැදිලි කටහඩවල් ගොඩක් ඇහෙන්න ගත්තා...

Unknown pov...

මම කාර් එක අරන් පිටත් උනේ මහ වැස්සේ...ජෙවෝන්...මගේ හොදම යාලුවා...එයාලාගේ ගෙදර ගිහින් ඉද්දි තමා වැස්ස පටන් ගත්තේ...ඉක්මන්ට ගෙදර යන්න ඕන නිසා මම කාර් එකත් අරන් පාරට ආවා...මගේ නම ෆෙඩ්‍රික්...යාලුවෝ කියන්නේ ෆ්‍රෙඩී කියලා...
පාලු පාරකට කා එක හැරෙව්වේ ගෙදරට යන්න තියන ශෝට් කට් එකක් නිසයි...මගේ ඇද බදා ගන්නකල් මට නම් ඉවසිල්ලක් නෑ...
පාලු පාරේ නිහඩතාවය බිදිමින් මට ඇහුනේ බේබද්දො වගයක් කෑ ගහනවා...එතනින් කාර් එක ගෙනියන එක වැඩිය හොද නෑ කියලා හිතුන නිසා මම ඊට ටිකක් දුරින් කාර් එක නවත්තලා බලන් හිටියා...ඒ මිනිස්සු බීලා කතා කරන විදිහ නම් මරු අප්පා...

"මේ...ලෝකේ...සෑ...පේඒඒ..."

"අඩී...මේ...බාල්ලාම්කෝ...බෝනික්කියක්...නීදී..."

"නීදීඉ...කූමරිගෙ..ඩෝටර් ද යකෝ ඇහැරෙන්නෙ නැත්තේ..."

"ඌප්ස්....යන ඒන මං නෑති කෙල්ලෙක් වාගේ .."

"වාරේව්...මේ...කීවා උස්සන් යාන්න...ආපි ඉන්න තෑනක් දෙමු..."

මම හිටියේ ඒ මිනිස්සු කියන ඒවට කන් දීගෙන...කවුරුහරි අහින්සක කෙල්ලෙක්ට කරදරයක් කියලා මට හිතුනත් කෙල්ලෙක්ගේ කටහඩක් ඇහුනේ නැති නිසා මට හිතුන ඒ බේබද්දෝ ටික හිතින් මවා ගත්ත කෙල්ලෙක් කියලා...
කෝකටත් මම කාර් එක හිමීට ඒ පැත්තට අරන් ගියා...
මම යනකොට ඒ මිනිස්සු බස් ස්ටේශන් එකේ දිග බංකුවේ නිදියන් හිටිය කෙල්ලෙක්ව උස්සන් යන්න හදනවා...ඒ කෙල්ල හොදටම නිදි...මේ මිනිස්සු ඒ කෙල්ලව ගෙනිච්චොත් මොනා කරයිද දන්නේ නෑ...පොලිසියට කෝල් කරන්නත් බැ...වෙලාව මදි...
වැස්සෙ තෙමි තෙමිම මම බස් ස්ටේශන් එක ගාවට ගියා...මිනිස්සු කෙල්ල වටේ වට වෙලා...මේ කෙල්ල හොදට නිදි...

💙 එක්ස් කියුස් මී...මිස්ටර් .

" ඕ...කියාම්කෝ..."

Miya✔️✔️Where stories live. Discover now