☄️ Dream 07 ☄️

585 151 12
                                    

Wang Yibo's P.O.V

එයා පෙන්නුවේ ටිකක් ඉස්සරහට වෙන්න ඇවිදගෙන යන කෙනෙක්ව.මම බලනකොට එයා මට පිටිපස්සට මුහුණලා හිටියේ.මට එයාගේ මුහුන පෙන්නේ නැති නිසා එයාව නවත්තන්න ඕන නිසා මම හයියෙන් එයාගේ නම කියලා කෑගැහුවා.

මට එයාගේ මුහුන පෙන්නේ නැති නිසා එයාව නවත්තන්න ඕන නිසා මම හයියෙන් එයාගේ නම කියලා කෑගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Xiao Zhan........... !!!"

මම නම කියලා ඉවර වෙනකොට එයා වගේම මෙච්චර වෙලා ලමයින්ගේ කෑගිහිල්ලෙන් පිරුණු මුලු හෝල්වේ එකේ හිටිය හැමෝම කාන්තාරෙක ඉන්නවා වගේ නිහඩ වුනා.ඒක පාර හැමෝම නිශ්ශබ්ද වුන නිසා මම ටිකක් ගැස්සුනාට ඒ ඔක්කොම මම නිකන් මිනියක් මැරුවා වගේ මගේ දීහා බලාගෙන ඉන්නවා දැක්කම මම තව ටිකක් ගැස්සුනා.ඇයි යකෝ නමක් කියලා කතාකරන එකත් මේකේ ඇතුලේ තහනම්ද.

මම නම කිව්වම Xiao Zhan කියන කෙනා නැවතුනාට පිටිපස්සවත් නොබලා ආයේ ඇවිදින්න ගත්තා.

"Xia-" මම ආයේ නම කියන්න හැදුම එදා ඇදුම දුන්නු කෙනා මගේ අතකින් අල්ලගෙන නැවැත්තුවා.

" වේ ( ඇයි)......?? "

" එයාට යන්න දෙන්න...... "

" ඒත් මට ඕන ස්තුති කරන්නනේ......... "

" එයාට ඔයාගේ ස්තූතියකින් වැඩක් නැහැ....."

" එයාට වැඩක් නැති වුනාට මට වැඩක් තියෙනවා....... මෙච්චර ලොකු උදව්වකුත් කරලා ස්තුති කරේ නැත්නම් මගේ හිතට හරි නැහැ නේ...... ඔයා ඉන්න මං ගිහින් කියලා එන්නම් ....... " මම යන්න හදනකොට මූ දෙවෙනි පාරටත් මාව නැවැත්තුවා.මේක මාර මගුලක් වුනානේ.Xiao Zhan එක්ක කතා කරනකොට මූගේ ඇගෙන් ඇටයක් යනවද ඇයි යකෝ.

" තමුන් දැන් Zhan ගේ නම කියලා කෑගැහුවම වටේ පිටේ එවුන් බලපු විදිහ දැක්කෙ නැද්ද.......?" ඒක නම් ඇත්ත.තාමත් වටේ උන් හොරෙන් කූටු කූටු ගානවා තමයි.

Dream  ( Yizhan FF ) ✔️Where stories live. Discover now