☄️ Dream 36 ☄️

372 117 26
                                    

Xiao Zhan's P.O.V


එක තප්පරයකට නවත්තන්නේ නැතුව වාහන එහේ මෙහේ යන  මහ පාරේ අයිනකට වෙන්න නවත්තලා තිබුන පපාගෙ කාර් එක ගාවට වෙලා මම ඔහේ බලන් හිටියේ පාරෙන් එහා පැත්තේ තිබුන සුපර් මාකර්ට් එකේ ග්ලාස් වෝල් එකත් එක්ක ඔට්ටු වෙන මගේ පණ දිහා....

නිල් පාට ක්ලිනින් ජම්ප්සුට් එකක් ඇදන් ග්ලාස් වයිපර් එකකින් එයාටත් වඩා උස ග්ලාස් එකක් ක්ලීන් කරන මගේ පණව දකිනකොට මුලු පපුවම හිර කරන් ගන්න හුස්ම එලියට දාගන්න බැරි විදිහට හැමදේම නතර වෙනන්න එන වේදනාව ,ජිවිතේ ඉතුරු කාලේටම එයා වෙනුවෙන් තනියට හිටිය වේදනාව මුල්ම වතාවට දැනෙන්න ගන්නකොට මගේ අතට වම් පපුව මිරිකුනේ ඉබේමයි....

'මොකද පුදුම වෙලා.... ඒ බෝයි ක්ලීනින් කරනවා කියලා දන්නේ නැද්ද.... '

පපාගෙ උද්දච්ච වචන මට ඇහුනත් නෑහුනා ගානට පාරෙන් එහා පැත්තේම දැනටමත් කදුලු පිරුනු ඇස් නැවතිලා තියෙනකොට පපා ආයේ කතා කලා...

' පුතාගේ මුහුන බැලුවම පේන්නේ ඒ බෝයි තමුන්ට බොරු කරලා කියලා.... ඒ කියන්නේ ඒ බෝයි දැනටමත් පුතාට බොරු කියන්න පටන් අරගෙන වගේ..... '

Bo di මට බොරු කිව්වා කියලා මගේ හිතේ එයා ගැන කුකුසක් ඇති කරන්න පපා ඒ දේ කිව්වා වුනත් මට මේ වෙලාවේ කේන්තියකට වඩා දැනුනේ දුකක්.... හැමදාම උදේ පාන්දර යුනිවර්සිටි යන්න කියලා මට බොරු කරලා ග්ලාස් ක්ලීන් කරන එයා ගැන මට කේන්තියක් දැනුනත් මුලු ඇගම තෙමාගෙන ඒ වයසේ කිසිම කොල්ලෙක් නොකරන විදිහට අත් වල හම ග්ලව්ස් ඇතුලේ තැම්බෙනකන් මං වෙනුවෙන් වැඩ කරන මගේ ආදරේ දැක්කම මට දැනුනේ වචන වලින් කියලා නිම කරන්න බැරි දුකක්.... කට්ට අවුවේ වේලි වේලි වැඩ කරන එයා වෙනුවෙන් වගේම මේ කිසිම දෙයක් නොදැන එයා යුනිවර්සිටි ගිහින් ඇති කියලා අර කාමරේට වෙලා හිටිය මං ගැනම මහ දුකක් අසරණ කමක්....

' ඒ බෝයි මෙතන දැන් ක්ලීන් කරන්නේ මාසේක ඉදන්.... ග්ලාස් විතරක් නෙමෙයි මේ මුලු සුපර්මාර්කට් එකම ක්ලීන් කරන්නේ ඔය කොල්ලා.... අපරාදේ කොච්චර ටැලන්ටඩ් කොල්ලෙක්ද... මම කලින් කිව්වා වගේ අපේ ෆීල්ඩ් එකේ හොද නමක් හදාගන්න තිබුනා.... කොහෙද ඉතින් පොඩි වයසට ආදරේ කියලා කරදර වල පැටලිලා හැමදේම විනාශ කරගන්නවා.... '

Dream  ( Yizhan FF ) ✔️Where stories live. Discover now