☄️ Dream 45 ☄️

397 115 39
                                    


Wang Yibo's P.O.V

වැස්ස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැස්ස... වැස්ස මිනිස්සු සමාන කරන්නේ කදුලු වලට... කදුලු කතාවක් තියන හැමෝම වැස්සට ආදරේයිලූ... ඒ වැහි බිදු යට දුක් ගිනි වෙලා ඇස් වලින් එලියට එන කදුලු අනිත් අයට නොපෙනන හින්දා....

ඒත් මම...

මම වැස්සටත් වෛර කරනවා....

Zhan ge ඔයාට ඕන විදිහට මම හැමදේම කරන්නම්....

මම තව සල්ලි හම්බකරන්නම් Zhan ge මාව දාලා යන්න එපා...

Zhan ge ඔයා කොහෙද....

Xiao Zhan මගේ කෝල්ස් අන්සර් කරනවා...

Zhan ge මාව එපා කියලා ගිය මොහොතේ ඉදන් එක තප්පරෙන් තප්පරෙ මම එයාට කෝල් කලා... මැසේජ් කලා.... මුලදී රින්ග්ස් ගිය ෆෝන් එක ඊලග මොහොතේ ඉදන් ඕෆ් කියලා වැටෙද්දිත් මම කෝල් කරා... දහ පහරක් , විසිපහරක්  , සිය පහරක්.. මම දන්නේ නැහැ කොයි තරම් නම් මම ඒ ෆෝන් එකට මැසේජ් කලාද කෝල් කලාද කියලා ඒත් ඒ එක මැසේජ් එකකට කෝල් එකකට රිප්ලයි එකක් නොවෙද්දි කේන්තියට මම ෆෝන් එක බිත්තියේ ගැහුවා...

Zhan ge ව හොයාගෙන මම Xiao Mansion එක ඉස්සරහට යනකොට පාන්දර එකයි...

උසට උසේ තාප්ප වලින් වට වුන Xiao mansion එකේ කලු ගේට් එකට මම හයියෙන් තට්ටු කරගෙන කරගෙන යනකොට ගේට් එක ගාව වෝච්මන් පොඩි කලු දොර ඇරලා මගේ මුහුනට ටෝච් එකක් ගැහුවා...

'තමුන්ට මොනවද වෙන්න ඕන...?'

' ම..ට Zhan g.. Xiao Zhan ව හම්බවෙන්න ඕන... !! '

' යක්කු ගස් නගින වෙලාවේ නිදාගෙන ඉන්න මිනිස්සුට වද නොදී යනවා අයිසේ යන්න....!'

ඒ මිනිහා මාව පැත්තකට තල්ලුකරලා ගේට් එක වහනකොට මම ආයේ වතාවක් ගේට් එකට හයියෙන් ගැහුවා...

Dream  ( Yizhan FF ) ✔️Where stories live. Discover now