☄️ Dream 30 ☄️

439 117 27
                                    

Xiao Zhan 's P.O.V

' ගන්න හුස්මක් ගානේ මුත්‍රා ගඳ පිරිලා තිබුන උඩ ඉදන් පහලටම බිත්ති දිගේ කොල පාටින් සෙවල බැදිලා තිබුන පාට ගිය බිත්ති කොන් වල කෙල ගහලා තිබුන තට්ටු තුනේ ෆ්ලැට් එකක තට්ටුවෙන් තට්ටුව පඩි පෙල දිගේ නැගලා එයා මාව එක්ක ආවේ තුන්වෙනි තට්ටුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

' ගන්න හුස්මක් ගානේ මුත්‍රා ගඳ පිරිලා තිබුන උඩ ඉදන් පහලටම බිත්ති දිගේ කොල පාටින් සෙවල බැදිලා තිබුන පාට ගිය බිත්ති කොන් වල කෙල ගහලා තිබුන තට්ටු තුනේ ෆ්ලැට් එකක තට්ටුවෙන් තට්ටුව පඩි පෙල දිගේ නැගලා එයා මාව එක්ක ආවේ තුන්වෙනි තට්ටුවට.... ඒ තට්ටුවේ ගෙවල් පහක් තිබුනා... පඩි පෙල තිබුන පේලියේ ගෙවල් දෙකයි ඒකට ඉස්සරහ තව ගෙවල් තුනයි..... අපි දෙන්නා ගිහින් නැවතුණේ කොනේ තිබුන දොරක් ඉස්සරහ ..... '

තැනින් තැන වේයෝ කාලා හිල් වෙලා තිබුන ලී දොර එයා යතුර දාලා ඇරියත් සම්පුර්ණයෙන්ම ඇරුනේ නැහැ.... මගදී හිර වුනා.... එක්කෝ ගොඩක් කල් පාවිච්චි නොකර වාහලා තිබිලා නැත්නම් මේකේ හිටිය මිනිස්සු මේ දොර හරි ගස්සලා නැහැ....

අමාරුවෙන් දොර ඇරගෙන ඇතුලට ගියාම ඒ ගෙදරට තත්වෙ දැක්කම මට දොර ගැන තවදුරටත් පුදුමයක් තිබ්බේ නැහැ....ගෙයක් කිව්වට මේක  10×10 පොඩි කාමරයක්.... මගේ ගෙදර බාතෲම් එකෙන් භාගයක්වත් තියෙනවද.... මම දන්නෙ නැහැ... මේක ඊටත් වඩා පොඩියි වගේ.... එනකොට දැක්ක බිත්ති වගේමයි ගේ ඇතුලේ බිත්ති ටිකත් කොල පාට සෙවල බේරෙනවා....

එක්කෙනෙක්ට විතරක් නිදාගන්න ඇති වෙන පොඩි යකඩ ඇදයි කිචන් එක  කියලා කියන්න පුලුවන් ලිපක් , සින්ක් එකක් තිබුන තැනයි වෙන් කරන්න බිත්තියක් තිබ්බේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක්කෙනෙක්ට විතරක් නිදාගන්න ඇති වෙන පොඩි යකඩ ඇදයි කිචන් එක  කියලා කියන්න පුලුවන් ලිපක් , සින්ක් එකක් තිබුන තැනයි වෙන් කරන්න බිත්තියක් තිබ්බේ නැහැ.... ඇදේ ඉදන් කුස්සියට තිබ්බේ අඩි පහක් වගේ දුර....ඇදයි කිචන් එකේ තිබ්බ බඩු මුට්ටු ටිකයි හැරෙන්න මේ කාමරේ වැඩිය බඩු තිබුනෙත් නැහැ....

Dream  ( Yizhan FF ) ✔️Where stories live. Discover now