Xiao Zhan ' s P.O.V
මේ ලොකේ නිශ්ශබ්දම තැන මොකක්ද..මගේ උත්තරේ කනත්ත... මිනිස්සු දෙන්නෙක් එකට හිටියොත් අනිවාර්යයෙන්ම දෙන්නත් එක්ක එකතු වෙලා බයිලා ගහනවා කිව්වට මිනිස්සු දහස්ගානක් ඉදලත් මේ ලෝකේ නිහඩම තැන කනත්තයි...
මෙතනට එන්න කලින් එයාලට හීන , බලාපොරොත්තු , බැදීම් මොනතරම් තිබුනත් මෙතනට එනකොට ඔක්කොම අතහරින්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්... මෙතනට පාට , ආගම් , ඇති නැති පරතර අදාලම නැහැ...ඔක්කොම එක සමානයි... මාලිගාවක සැපට හිටියත් පැල්පතක දුක් වින්දත් අන්තිමට උරුම අඩි හයේ වල විතරයි...එක අතකට ජිවත් වෙන මිනිස්සුට වඩා මැරුන මිනිස්සු කොයිතරම් හොදද...
සුදු ලිලි මල් පොකුරත් එක්ක මම දැන් හිටන් ඉන්නේ කනත්තක.. එකම වගේ කලුපාට පුවරු ගොඩක් පහුකරන් ආව මම හිටගෙන හිටියේ Xing Mei කියන නමත් එක්ක මගේ මමාගේ පොඩි ෆෝටෝ එකක් තිබුන කලු සොහොන් කොත ලග...
එතන පර වෙලා ගිය රෝස මලක් තිබුනා..
' පපා..'
ඒ පරවුණ රෝස මල පැත්තකට කරපු මම ලිලි මල් පොකුර මගේ මමාගේ සොහොන් කොත ලග තිබ්බා..
" මමා..ඔයාගේ පුතා ඔයාව බලන්න ආවා මමා...පලවෙනි සහ අන්තිම වතාවට... "
මම මගේ මමාගේ පාට මැකිලා ගිය රූපේ අතගැව්වා...
" ඉපදිලා අවුරුදු තිහක් වෙන්න ලං වෙලයි මම ඔයාව හොයාගෙන ආවේ මමා... මම හරි නරක පුතෙක් නේද මමා...ඔයා මොනාටද ආස කියලවත්. ඔයාගේ මේ නරක පුතා...ද.න්නේ..නැහැ..මමා...ඔයාගේ සුවද මම අදුනන්නේ නැහැ...මමා..ඔයාගේ..කටහඩ මම..අහලා නැහැ...ඔය අතින්...හදපු බත් කටක්...කන්නවත් මට පිනක්...තිබුනේ නැහැනේ...අනේ..ඇයි...මමා..මාව.. තනිකරලා ඔයා..විතරක් ගියේ...ඔයා හිටිය නම් මම මේ තරම් අසරණ වෙන්නේ නැහැ මමා...එහෙනම් මම තනි...වෙන්නේ නැහැ...එහෙනම් ඔයා..මට..වැටෙන්න දෙන්නේ...නැහැ."
හැබැයින් නොදකපු ආදරේ විදගන්න බැරි වුන මගේ අම්මාගේ සොහොන් කොත ලග මම අඩා වැටුනා..මගේ දුක කිය කිය හිරකරන් හිටිය අන්තිම කදුලුත් පිටකරන්න මම ඇඩුවා...
" අනේ..මට සමාවන්න..මම හින්දයි..ඔයාට යන්න..වුනේ..මමා...මම නැත්නම්...තාමත් ඔයා..ජිවතුන්..අතර...මම හින්දයි හැමදේම වුනේ... "
![](https://img.wattpad.com/cover/290723947-288-k653613.jpg)
YOU ARE READING
Dream ( Yizhan FF ) ✔️
FanfictionI believe that dreams come true.......... Because mine did when i met you..... ❤️💚 ******************************** මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්රාමා එකක් බලනවා වගේ කියලා හිතා...