#1

50 11 21
                                    

එය ;
මිනිසුන් නොමිනිසුන් වූ යුගයක් විය.
මුදල් පරයා තාක්ෂණය අත්පත් කරගැනීමට සටන් වදින් යුගයක් විය.
මූලයක් නොමැතියයි සැලකූවද අහිංසක ගති පැවතුණාවූ සත්ත්ව සමූහයා මිනිස් වධ බන්ධන හමුවේ විකෘති වෙමින් පැවති සමයක් විය.
කිසිදා නොපැවතියා යැ' යි සිතිය හැකි මට්ටම කරා අතීත උරුමයන් විනාශ මුඛයට යමින් තිබිණි.

මේ සියල්ල හමුවේ මහපොළොව ජීවිය අතහැරීය. මිනිස් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩනැගීම ආරම්භ කෙරිණි.

මුල් වාසීන් හට නැවතත් භූමිය භාර කිරීමට ගමන් ඇරඹි පෙරහැරේ කස පහර ශබ්දය දසත රැව්දුණි.

භූමි මාතා ජයගත්තාය.

තාක්ෂණය, ජාන විද්‍යාව, ප්‍රවාහනය, නවීන අවි හා අසීමාන්තික කාමාශාව ප්‍රධාන අවශ්‍යතාව පැවති යුගයේ
ආහාර, ජලය, පිරිසිදු වාතය නමැති මූලික අවශ්‍යතා නැවතත් හිස ඔසවන්නට විය.

දරාගත නොහැකි වූවෝ සමුගත්හ. ඉතිරි වූවෝ බොහෝමයක් පලායන්නට වූහ.

නිවැරැදියි. වෙන කොතෙක් දුරට ඔවුන් පලායන්නද? සැබැවින්ම ඒ පෘථිවි කක්ෂය දක්වාම පමණක් විය.

මව් ග්‍රහයා එපමණකින්ම සිය ආධිපත්‍යය හා හැකියාව මිනිසා ඉක්මවා යන්නක් බව පසක් කළේය.

ජීවියාට මව් ග්‍රහයා නොමැතිව පැවැත්මක් නොතිබුණද මව් ග්‍රහයාට නම් එය පාරාදීසයක්ම විය.

මා අදහස් කළේ බහුතරය ගැන පමණි. සුළුතරය වූ මා වැන්නවුන් ගැන කතාව පැවසීමටද මේ සූදානම. එය එලෙසම වේදැයි තීරණය කිරීම ඔබ සතුය.

.
.
.
.
.
.

හැඳින්වීම පමණි. මීළඟ කොටසින් නැවත හමුවෙමු.

චක්ර ✨️Where stories live. Discover now