#6

18 6 6
                                    

එහි අර්ථය ? සර්ප ප්‍රජාවගේ පුනරාගමනය. මල්ලී ජීවිතය නිම කළ ස්ථානයේ ම වැලි පොළඟෙකු ගැවසුණු බවට වූ සලකුණු මම දෑසින්ම දුටිමි. පොළොවේ වූ අනාකූල හැඩතල හා වේදනාව නිසා විශාල ලෙස විවර වී තිබූ මලණුගේ දෑස් දෙස එක එල්ලේ බලාගත නොහී මම හැඬූ කඳුලින් දෙවියන් යදිමින් ආකාශය දෙස බැලීමි.

නමුත් අද දින සියල්ල අවසන් වීමට නියමිතව තිබූ සේ ය. එහි දීප්තිමත්ව බැබළෙමින් තිබුණේ මා මෙතුවක් කල් අපේක්ෂාවෙන් උන් බලාපොරොත්තුවේ යාත්‍රාවයි. 'ඒ කියන්නෙ එයාලා ආපහු එනවා. '
මට මොහොතකට එසේ සිතුණි.

.
.
.
.
.
.
.
.
.

එය සත්‍යයකි. අනතරාය සමයේ දී පෘථිවි ජීවීන් සමඟ කක්ෂගත වූ යානාව මෙතෙක් කල් ම අඹරෙහි දිස් වූයේ කුඩා තිතක් ලෙසටයි. නමුත් අද දින එහි ප්‍රමාණය විශාල වී වගේම දීප්තියද ඉහළ ගොස් ඇති සේයි. ඔවුන් මඳින් මඳ නැවතත් පෘථිවිය කරා ළඟා වනවා ඇති. දෙවියනි. මාත් මගේ පවුලත් ගැලවීමේ උච්ඡතම අවස්ථාවට එළැඹ ඇත. ශෝකය නම් එම පිරිස අතර මගේ සොයුරා නොවීමයි. එනමුදු මම  කනගාටු වීම පසෙක තබා හනිකට පිරමීඩ කරා පිටත් වූයේ අලුත උපන් කිරිකැටියාට වත් යහපත් අනාගතයක් ළඟාකරදීමේ අරමුණ ඇතිවයි.

.
.
.
.
.
.
.

කරුණුකාරණා තේරුම් කරදීමට පවා කාලය ඉතිරි වී නැත. අපගේ මිනිස්සුන්ට දර්ශනය විය හැකි යැයි ස්ථානයක් කරා මා සිය පවුල හනිකට ගෙන යා යුතුය. අතොරක් නැති මහා කාන්තාරයේ මම දන්නා එවැනි කිසිදු ස්ථනයක් නොවූවත්, බලාපොරොත්තු කඩ කර නොගනිමින් මම දියණියද වත්තම් කරගෙන පිරමීඩවලින් ඉවතට ආවෙමි. ශාරීරික අපහසුතා ද මධ්‍යයේ මලණුවන්ගේ අභාවයද සැල කළහොත් ඇයව ඉන් පිටතට ගැනීම කිසිදා සිදුකළ නොහැක්කක් නිසා මම මුවට අගුළු ලා ගතිමි. මගේ එක් පසෙකින් කුඩා පුතු දිව එයි. වමතෙහි ගුලිවුණු කිරිකැටියා ද දකුණතට බරවූ දියණියද සමඟින් ගමන් කරමින් සිටි මට මේ වෙහෙස දරාගත නොහැකි බවට සපථ කරමින් එය සිදුවිය. එය මගේ වෑයම, දාහය, බලාපොරොත්තුව භංග කළේ ය. අරමුණක් නොමැති දිවියකින් විඳවීමට මා අසරණ කළේ ය. වසර ගණනක උත්සාහයට අර්ථයක් විරහිත කරවීමෙන් මගේ ගතෙහි මෙන්ම සිතෙහිද ඉතිරි වී තිබූ ශක්තිය අන්තයටම උදුරා දැමී ය.

චක්ර ✨️Where stories live. Discover now