#5

22 7 5
                                    

මට එතැන්හිම මියැදීමට තරම්ම වේදනාවක්, කෝපයක්, ලැජ්ජාවක්, දුකක්, තිගැස්මක් එකවර ඇති කිරීමට එය සමත්විය. මගේ මළණු හා දියණිය. මට මගේ දෑස් එතැන්හිම උගුල්ලා දැමීමට සිත්විය. මා කුමක්ද ඒ කළේ ?
        නමුත් හැඟීම මැඩලාගෙන මා ඔවුන් කෙරේ ළං වත්ම ඔවුහු එකිනෙකාගෙන් ඈත් වී දහදියෙන් නෑවී ගිය සිරුරෙන්ද, බියෙන් උතුරා යන වතින් ද යුක්තව දෑස් දල්වා මා දෙස බලා සිටියහ.
       මම ඔවුන්ගෙන් මෙම වරද සිදුවේ යැ' යි කවරදාකවත් සිහිනයෙන් පවා නොසිතීමි. එහෙත් මෙය හැඟීමවලට යටත් වී පාලනය කළ යුතු තත්ත්වයක් නොවන බව මට පසක්විය. ඊට කදිම උදාහරණයක් ඔවුන් මේ වන විටත් සපයා තිබූ නිසාවෙනි.
           නව යෞවනයේ පසු වූ දියණිය හා තාරුණ්‍යයේ හිනිපෙත්තේ උන් මලණ්ඩිය මෙසේ සබඳතාවක් ඇති කරගැනීම ජීව විද්‍යාත්මකව නම් ඉතාමත් සාමාන්‍ය කරුණකි. නමුත් ශිෂ්ට සම්පන්න පරිසරයක කුඩා කල දිවි ගෙවූ මට මෙය දරාගත නොහැකියි. අනෙක් අතට 9 හැවිරිදි දියණියක් සිටියදීත්, කටුක ජීවිතයක් ගෙවද්දීත්, මැදිවියද ඉක්මවා යමින් උන් මගේ සැමියා සමඟ එක්ව පුතෙකු වැදීමට තරම් මට මා උදෙසා පවා ස්වයං විනයක් පවත්වාගත නොහී, පිරමීඩ අතරේම වැඩෙමින් මානව ධර්මතා ඉගැනීමෙන් ද තොරව උන් මොවුන්ගෙන් මට මීටවඩා අපේක්ෂා තබාගත නොහැක. සැබැවින්ම මා ඔවුන්ව පිරමීඩ අතර අතරමං කර නැවත මාවත සොයාගත නොහැකි වන තරමටම ඔවුන්ට පීඩා කිරීමට හුදකලාවට හා මා විසින්ම ලබා දුන් වැරදි ආදර්ශ වලට හොඳින් කුලී ගෙවා ඇත.
ඉඳින්. මම සමාව දුණිමි.
.
.
.
.
.
.
.

එතැන් සිට නව මස් අවෑමෙන් මගේ දියණිය විලිරුදාවෙන් බරිත වී සිටියා ය. සාර භූමියෙහි වූ කුඩා උල්පතෙන් ජලය රැගෙන ඒම කෙරෙහි පිටත්ව ගොස් සිටි මළණුවන් නැවත පැමිණීම සඳහා ගතවන කාලයට වඩා වැඩියෙන් හෝරා කිහිපයක් ගතවද්දී කුසයේ සිටීමේ ඉවසීම පහව ගොස් සිටි කිරිකැටියා පහසුකමක් නොලබාම ඉන් පිටත් වූයේ ය. දරුවාගේ සේදීම් කටයුතු හා දියණියගේ සෞඛ්‍යය වෙනුවෙන් පිරිසිදු කිරීමට හා පානයට ජල බිඳක්වත් නොලැබීමේ කෝපය කරණකොටගෙන මා බර අඩි තබමින් සාර භූමිය කරා පිටත් වූයේ මළණුවන්ට ආක්‍රෝෂ පරිභව කිරීමට සුදුසු වාග් මාලාවක් ද දිව අග්ගිස්සේ තබාගෙනමයි.












චක්ර ✨️Where stories live. Discover now