part 11

369 107 23
                                    

ජිමින් කියපු දේ ඇහුන ටේ ජිමින්ගෙන් ඈත් උනේ හුලගක් තරම් වේගෙන්
"මොකද්ද උබ දැන් කිවුවෙ?"ජිමින්ගෙ උරහිස් වලින් අල්ලලා හොලවන ගමන් ඇහුවා...

"මන් ගියේ එයාව ගෙදරට දාලා එන්න...ඒත් අන්තිමට........."

"අන්තිමට උබ ඌ එක්ක නිදා ගත්තා?"ජිමින් කියාගෙන ආව එක නතර කරවපු ටේ මැදින් පැනලා එහෙම කියද්දි ජිමින් එයාගෙ ඇස් පියා ගත්තා....

"ඒත් උබල දෙන්නම බීලානේද හිටියෙ?"ටේ ජිමින්ගෙන් ඇහුවෙ ජිමින් සම්පූර්න විස්තරේ කියාවි කියල හිතලා...

"එයා බිවුවා...ඒත් මන් බිවුවෙ නෑ ටේ"ජිමින් කිවුවෙ බයෙන් බයෙන්...

"අයියෝ ජිමින් ඔයත්"ටේ එයාට අදහ ගන්න බෑ වගේ ඔලුව දෙපැත්තට වැනුවා....

"මට සමාවෙන්න ටේ"ජිමින් කිවුවෙ ලැජ්ජාවෙන්...මේ වෙනකොට ජිමින්ට එයා ගැනම ලැජ්ජාවක් පසුතැවීමක් ඇති වෙලා තිබ්බා...

"නෑ ඒකට කමක් නෑ ජිමිනී...මන් දන්නවා ඔයා ජංකුක්ට ගොඩක් ආදරෙයි කියලා..අනික මන් හොදටම දන්නවා ජංකුක් වැඩ්ඩා වගේ කිවුවට එයා straight නෙමෙයි..එයා සමහර වෙලාවට අපි ඉස්සරහා උනත් හැසිරුනේ පාලනයක් නැති එකෙක් වගේනේ"ටේ වේගෙන් කියාගෙන යද්දි ජිමින් එයාගෙ තොල් හපා ගත්තෙ ඒ දේ හැමෝටම තෙරෙන්න ඇද්ද කියා හිතන ගමන්...

"ඒත් ඒක වැරදී ජිමිනී...එයා බීලා හිටිය වෙලාවෙ ඔයාට එයාව ඒ දේට පොලබවන්නෙ නැතුව ඉන්න තිබ්බා...

"අනික ලීසා කියන්නෙ හොද කෙල්ලෙක් එයා අපිට අපේම නංගි වගේ...එහෙම එකේ ඔයාට ඒ දේ නොකර ඉන්න තිනුනා ජිමිනී..ඔයා කියපු විදියට ජංකුක් මත් වෙලා හිටපු නිසයි මෙ හැමදේම වෙලා තියෙන්නෙ...එවෙලෙ එයාගෙ හැගීම් අවදි වෙන්න ඇති..ඒත් ඔයා එහෙම නෑනේ "ටේ කිවුවෙ ටිකක් දුකින් වගේ....

ජිමින් ඉක්මනට බිම බලා ගත්තා...

"ඒත් අද උදෙත් එයාට මන් ගැන හැගීමක් තිබ්බා..අද උදෙත් එයා මාව කිස් කරා"
ජිමින් කියනවත් එක්කම ටේ ආපහු ජිමින් දිහා බැලුවෙ පුදුම වෙලා

"හරි අපි ඒක එහෙමයි කියමු...එතකොට එයා ඔයා වෙනුවෙන් එයාගෙ girl friendව අතාරීවිද?එයා එයාගෙ girl friendව අතෑරලා ඔයා ලගට ඒවිද ආ?ඇයි ඇත්ත තේරුම් ගන් නැත්තෙ ජිමින් ඔයා..ඌ ඔයා එක්ක කොහොම හිටියත් උබ ලගට එන් නෑ බන් තෙරුම් ගනින්..ඌ ලීසාව අතාරින එකක් නැ"ටේ ජිමින්ගෙන් ඇහුවෙ කේන්තියෙන් . ඇත්තටම ටේට මේ වෙලාවෙ ජිමින් එක්ක ගොඩක් කේන්තී...ජිමින් කරපු දේ නිසා,ජිමින් තවම ජංකුක් ගැන බලාපොරොත්තු තියන් ඉන්න එක ගැන ටේට කේන්තී..ඒ දන්නවා ඒක කිසිම තේරුමක් නැති වැඩක් කියලා...ටේ කැමති නෑ ජිමින් නිකන් තේරුමක් නැතුව දුක් විදිනවට

straight Where stories live. Discover now