chapter 16😳

732 151 28
                                    

💜️ ස..සතියක්...සතියක් ඔයා මෙහෙම හිටියේ..

🐰 සතියෙම මගේ කොට බට්ටි මන් ලගද හිටියේ...

කෙල්ල කදුලු අත්වලින් පිහිද පිහිද ඔව් කියලා ඔලුව වැනුවා...

💜️ ජින් ඔප්පා එන්නකෝ.....

අද නම් ජින් හ්‍යුන්ගෙන් රස කෑමක් හම්බුවෙයි වගේ..රැප් එක අහගෙන ඉන්න පුලුවන් උනොත් හොදයි..

🐹 ඇයි ඇයි කියා...කුකීට අමාරුයිද ??

එලියේ ඉදන්ම හ්‍යුන්ග් කෑ ගහගෙන ආවා.. ඔච්චරටම මන් ගැන බයෙන් ද හ්‍යුන්ග් හිටියේ..මන් කරපු දේ ගැන මට දැන් ලොකු පසුතැවිල්ලක් දැනෙනවා.

🐹 කුකී...අනේ මගේ කුකී...🥺🥺

හ්‍යුන්ග් දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තා.මන් නම් හිතුවේ අද බැනුම් තමයි කියලා..ඒත්....
ජින් හ්‍යුන්ග් අඩනවාද ?

🐰 ජින් හ්‍යුන්ග් 🥺

🐹 ඔයා මගේ කුකී නෙමෙයි නේද ?? මගේ කුකී තාම පොඩි..එයා තාමත් එයාගේ හ්‍යුන්ග්ලා එක්ක හුරතල් වෙනවා...ඔයා මගේ කුකී නෙමෙයි..

🐰 අනි...හ්‍යුන්ග් මේ මන් තමයි..🥺

🐹 නෑ ඔයා මගේ කුකී නෙමෙයි...එයාට හචිමක් ගියත් එයා එයාගේ හ්‍යුන්ග්ලා ලග ඉදන් අඩනවා.. ඔයා මගේ කුකී නෙමෙයි...මගේ කුකී තාම පොඩි..

🐰 හ්‍යුන්ග් 🥺🥺

දැන් නම් මගේ කදුලු මටත් පාලනයක් තිබ්බෙ නෑ.. මන් ජින් හ්‍යුන්ග්ව බදාගෙන ඇඩුවා...මන් වැරැදි දෙයක් කරේ..මායි ජින් හ්‍යුන්ග්නුයි අඩනවා බලාගෙන මගේ චූටි බෙට්ටත් අඩනවා...අපි දෙන්නාට තනියම ඉන්න දෙන්න ඕන නිසාද කොහෙද එයා නැගිටලා ගියා..ටිකකින් මගේ අනිත් හ්‍යුන්ග්ලා ටිකත් ආවා...වෙනසක් නෑ..එයාලත් අඩනවා..දුවගෙන ඇවිල්ලා අපි දෙන්නාව තද කරලා බදා ගත්තා

🐰 හ්..හ්‍යුන්ග් හුම්ම ගන්න බෑ..

හම්මෝ..මේ තඩියෝ ටික චූටි මාව තලනවා..හුස්ම ගන්න බෑ කිව්වාම කට්ටිය එහාට උනා කට්ටිය.. මන් කරේ වැරදි දෙයක් කියලා සියවෙනි වතාවටත් මට දැන් දැනෙනවා..

🐨 කුකී...ඔයා කවද්ද ඔච්චර ලොකු උනේ... කොහොමද එච්චර ලොකු වේදනාවක් දරාගෙන හිටියේ..🥺

KINGDOM || JK || Completed || Where stories live. Discover now