chapter 21 🐲

584 129 1
                                    

ජිවිතේට කොච්චර හැලහැප්පීම් ආවත්..
අපි ඉස්සරහට යන්න ඕන..
මගින් නතර කරන්න බෑ...
මගින් නතර කරලා දාන්න අපිට අයිතියකුත් නෑ..
අමාරුවෙන් හරි ඉස්සරහට යනවා හැරෙන්න වෙන කරන්න දේකුත් නෑ..
ජීවිතේ හැටි එහෙමයි..
හැමවෙලේම අපිට ඕන දේවල් ලැබෙන්නේ නෑ..
අපි අකමැති දේවල් අපෙන් ඈත් කරන්නෙත් නෑ..

හැමෝටම හොබිව කොච්චර ඕන උනත් ලැබෙන්නේ නෑ..හොබි පිලිමයක් උනේ තවත් ජීවිත දෙකකට වටිනාකමක් දීලා..අමාරුවෙන් උනත් හොබීගේ කැපකිරීමට වටිනාකමක් දෙන්න ඉස්සරහට යන්න එයාලා තීරණය කරා..

අප්පා වගේ හිටපු හ්‍යුන්ග්ව දාලා යන්න බැරි උනත් පිලිමයක් අරන් යන එක එයාලගේ ගමන තවත් ප්‍රමාද කරන නිසා අමාරුවෙන් උනත් හොබීගේ පිලිමය පරිස්සම් ඇතුව තියලා ඉස්සරහට යන්න තීරණය කරා..

ඒ සිදු වීමෙන් පස්සේ ජිමින් තාමත් වචනයක්වත් කතා කරේ නෑ...පොඩි කාලෙ වැටිලා තුවාල කරගත්තාම බෙහෙත් දානකොට හොබීව බදාගෙන අඩන ජිමින් අද තුවාල වලට බෙහෙත් දානකොට හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ බලාගත්ත අත බලාගෙන හිටියා...ඒ පුංචි හිතට තාම දරාගන්න බෑ කියලා දන්නවා...ඒත් මේක දෛවය නම්...කාටද දෛවය වෙනස් කරන්න පුලුවන්..??
ඔයාට ??
මට ??
දෙවියන්ට ??
කාටවත්ම බෑ...ඒක දැන් එයාලා ඕනවටත් වඩා හොදට දන්නවා..ඉස්සරහට මීටත් වඩා දේවල් එයාලට නැති වෙයි කියලා එයාලා දන්නවා..ඒ අහිමි වීම පුංචි හිත දුර්වල වෙනවා වෙනුවට ශක්තිමත් වෙන්න ගත්තේ ඒ අහිමි වීමට වටිනාකමක් දෙන්න ඕන නිසා..

🐰 ජුනී හ්‍යුන්ග් ඊලගට මොකක්ද ??

කුකී ලොකු හුස්මක් පිට කරලා ඇහුවේ ආයි ආපස්සට අඩිය තියන්නවත් එයාලට දැන් අයිතියක් නැති නිසා.

🐨 රතු මාණික්‍ය හොයා ගන්න ඕන..

🐱 ඒක කොහෙද තියෙන්නේ නම්ජුනා..

මෙඩූසාගේ හිස දාගත්ත බෑගය එක අතකින් අනිත් අතට මාරු කරගත්ත යූන්ගි ඇහුවේ සුසුමක් පිට කරන ගමන්..

🐨 කැම්ලොට් කෞතුකාගාරයේ...











දවසක් ඇතුලත කැම්ලොට් කෞතුකාගාරයට එන්න පුලුවන් උනේ මකරු විදියට පරිවර්තනය වෙලා අනිත් අය එයාලගේ පිටේ නැගලා..හැමෝටම මේක අලුත් අත්දැකීමක් උනත් ඒ අත්දැකීම විදින්න තරම් ඒ හිත් තාමත් හිත හදාගෙන නෑ..ඒ වගේ වෙලේට මොකක් හරි මෝඩ කතාවක් කියලා හිනා වෙන හොබි නැතුව පාලුව කියන දේ ලොකුවට ම දැනුනා..

KINGDOM || JK || Completed || Where stories live. Discover now