chapter 22 🧝

600 137 12
                                    

දවස් දෙකක් තිස්සේ කට්ටිය එක දිගට ඇවිදිනවා.. එයාලගේ අන්තිම මෙහෙයුමට..ඩුරෙන්ඩාල් අසිපත ලබා ගන්න...නතර වෙලා මහන්සි අරින්න ඕන උනත් එයාලට ඒක කරන්න විදියක් නෑ..මොකද මේ වෙනකොටත් අදුර එයාලව වට කරලා අවසන්..

එයාලා ඩුරෙන්ඩාල් අසිපත ලබාගන්න කලින් ටාටරස් එයාලව හොයාගත්තොත් ජීවිත් බිලිදීලා, හැමදේම අතෑරලා, ආදරේ කරන අයගෙන් වෙන් වෙලා මෙච්චරකල් කරපු හැමදෙයක්ම වතුරේ යනවා..ඒ වගේම එයාලා වෙනුවෙන් කැපවීම් කරපු අයට වටීනාකමක් දෙන්න බැරි වෙනවා..

🐨 අද රෑට අපි මෙතන නතර වෙමු

🐯 ඒත් හ්‍යුන්ග්

🐨 අපි අද විවේක ගන්න ඕන ටේ...හෙට ඔයාලට ලොකු රාජකාරියක් තියෙනවා....

🐰 අපිට මේ දේ කරන්න පුලුවන් වෙයි ද හ්‍යුන්ග්

🐨 මෙච්චර දේවල් කරපු එකේ...මෙච්චර දේවල් කැපකරපු එකේ මේක කරන්න බැරි කමක් නෑ කුකී.. ශක්තිමත් වෙන්න...හෙට උදෙන්ම නැගිටලා යමු.. අපිට නිල් නදිය පහු කරන්න තියෙනවා..ඒක රෑට යන එක බයානකයි..

💜️ ඒ ඇයි ??

❣️ මන් අහලා තියෙනවා නිල් නදියේ ඉන්නවලු දිය කිදුරියෝ විශේෂයක්...එයාලා හුගක් ලස්සනයිලු... ඒ වගේම එයාලාට පුලුවන්ලු එයාලගේ හඩින් මිනිස්සුන්ව වශී කරගන්න..විශේෂයෙන්ම පිරිමින්ව...එහෙම වශී කරගෙන...
එයාල ලගට අරන්...
බෙල්ල දෙකට මැදින් කඩලා...
අඹරලා....
මිරිකලා..
සැලඩ් එකක් හදලා...
කනවලු...

බුහ්හ්හ්හ්

🐥 යාහ් ජීවූ 😑😑

අන්තිම ටික ටිකක් බය හිතෙන විදියට කියලා ජිවූ එක පාරටම ජිමින්ගේ පැත්තට හැරිලා බුහ් කියලා ඇගට පැන්නා..කොල්ලා ජීවුගේ කතාවට සමවැදිලා හිටපු නිසා බය වෙලා ගැස්සුනා..

🐯 ජීවූ බොරු නේද කියන්නේ 🙂

🐨 ඒක ඇත්ත ටේ 🙂🙂 සැලඩ් නම් හදන්නේ නෑ.. හැබැයි එයාලට වශී උනොත් අවසානය නියතයි..

💚 මහා වීරයෝ ටික පුංචි දියකිදුරියන්ට බය වෙලාද කොහෙද 😂😂😂

🐰 බය නෙමෙයි ඉතින්...දියකිදුරියෝ ලස්සනයිලුනේ...එහෙම කෙනෙක් මිනීමරුවෙක් වෙන එක හරි නෑ වගේනේ...ඒකයි මේ..හැබැයි එක අතකට ඉතින් අර කැත රාක්ෂයන්ගෙන් මැරුම් කනවට වඩා ලස්සන කෙල්ලෙක්ගෙන් මැරුම් කන එක සැපයි.. සිනිදු ඇගිලි වලින් බෙල්ල අල්ලනකොට හරි සනීප ඇති නේද

KINGDOM || JK || Completed || Where stories live. Discover now