chapter 18 🐉

650 137 17
                                    

Kia pov

අද මගේ කුකී ඔප්පාගේ birthday එක...ඒ කියන්නේ එයා පරිවර්තනය වෙන දවස..ඔප්පා නම් හොදටම බය වෙලා ඉන්නේ...දාඩියත් දාලා..මෙයාගේ ඔක්කොම චන්ඩි පාර්ට් අපිට තමා..

ආහ් අපි දැන් ඉන්නේ මිසූරි වල..මෙහෙට ඇවිල්ලා දවස් දෙකක් විතර වෙනවා..මෙහේ තියෙන හැම දෙයක්ම ලොකුයි...අනිත් එක හැම ගෙයක්ම හදලා තියෙන්නේ ගඩොල් වලින්...පෘථිවියේ වගේ වාහන නෑ...අපි හය දෙනාට පයින් ගාටන එක තමා එපාම වෙන්නේ...මිනායයි,ජීවුයි මගේ ඔම්මායි අප්පායි පෘථිවියට ආවම කතා කරාට එයාලත් මෙහෙට ඇවිල්ලා නෑනේ...ඔක්කොම ඉතින් ආපු පලවෙනි දවසෙම කරේ වටේ පොඩ්ඩක් ඇවිදපු එක...ටාටරස් හැම දෙයක්ම පටන් අරන් කියලා අපිට තේරුනේ එතකොට...මොකද මිනිස්සුන්ගේ හිත් වල ආදරය, කරුනාව වගේ හැගිම් නෑ..පොඩි දේටත් එයාලා රන්ඩු වෙනවා...උතුරු පැත්ත දැනටමත් ටාටරස්ගේ බලපෑම නිසා අදුරු වෙලා..මිනිස්සු තමන්ගෙම අයත් එක්ක රන්ඩු වෙනවා..මරා ගන්නවා..අපි දහ දෙනාගෙම හිතේ එක දෙයක් තිබ්බා..ඒ..

" අපිට මේ දේ කරන්න පුලුවන් ද?? ලෝකයක් බේරගන්න පුලුවන් ද?? "

ඒ වගේම අපි එක දෙයක් දැනගෙන හිටියා..අපි පරාද උනොත් මේ ලෝකෙ විතරක් නෙමෙයි හැම ලෝකයක් ම විනාස වෙලා යාවි..මිනිස්සු , සත්‍තු වගේ ජීවී හැමදේකම අනාගතය තිබ්බේ අපේ අතේ.. ඉතින් අපි කොහොම හරි මේ සටන දිනන්න ඕන..

🐨 කුකී...එහෙනම් ඔයා ලෑස්තිද ??

අපි ඔක්කොම ආවේ මිසූරි පර්වතය ලගට..නම්ජුන් ඔප්පා කිව්ව විදියට අපි හය දෙනාම අපේ ආත්මය ඇග ඇතුලේ හුගක් කල් හිර කරලා තිබ්බ නිසා එයා එලියට එනකොට ටිකක් අමාරු වෙයි කියලා..ඒ වගේම පාලනය කරගන්න අමාරු වෙයි කියලා..ඒ නිසාම ඔප්පා බය වෙලා..එයා නිසා කාටහරි තුවාලයක් වෙයි කියලා..

🐰 මට බයයි හ්‍යුන්ග් 🥺

🐹 කුකී මේ අහන්න...ඔයා නිසා අපි කාටවත් කරදරයක් වෙන්නෙ නෑ....ඒ නිසා බය වෙන්න එපා.. ඔයාගේ හිත එකග කරගන්න..හිතට ඔයාව පාලනය කරන්න දෙන්න එපා...ඔයා හිත පාලනය කරන්න..

ජින් ඔප්පා එහෙම කියලා කුකී ඔප්පාගේ කරේ තිබ්බ මාලේ ගැලෙව්වා...ඒත් එක්කම ඔප්පා කෑ ගහගෙන පහත් උනා...මට බය හිතිලා මන් ලගට යන්න හදනකොටම නම්ජුන් ඔප්පා මාව අල්ල ගත්තා..එතකොටයි දැක්කේ ටේ ඔප්පාව පූස් ඔප්පායි, ජිමින් ඔප්පාව හොබි ඔප්පායිත් අල්ලන් ඉන්නවා...මට ඒ අස්සේ කල්පනා උනේ මෙච්චර වෙලා ගහ මුල්ලේ නිදන් හිටපු පූස් ඔප්පා එකපාරටම මෙතනින් මතු උනේ කොහොමද කියලා..

KINGDOM || JK || Completed || Where stories live. Discover now