4 වන කොටස

1.1K 173 50
                                    


මං මුකුත් නොකියා ගෙදරට ගිහිල්ලා කෑම එක අත්තම්මගෙ අතට දුන්නා...

" ඉන්දීවර කොලුවා ආවා උබව හොයාගෙන ...මං කිව්වා උබ කෑම එකක් ගේන්න හංදියට ගියා කියලා ...මෙන්න යකෝ මූ එකපාරටම ආපහු බයිසිකොලේ අරන් ගියා...අනේ මංද එක පාරට මොකක් උනාද කියලා "

" හ්ම්...මට හම්බුනා .."

මං එහෙම්ම කාමරේට ගිහිල්ලා මුනින් අතට ඇදට වැටිලා කල්පනා ලෝකෙක තනිවෙලා හිටියේ මගෙ හිතේ අලුතින් පිපීගෙන එන මලේ පෙති ගණං කරන ගමන්.... 💞

# මොකක්ද මට මේ දැනෙන හැගීම...#

ඒ ඇස් දෙක...ඒ මූන මට මැවි මැවී පේන්න ගත්තා...හොදට හිටපු මට මොකක්ද දෙය්යනේ මෙ උනේ....මට මාවවත් තේරුම් ගන්න බැරුව අතරමං උනා...

# ඉන්දීවර අය්යා ...#

# ඉතින් ඉන්දීවර අය්යා ...මොකද#

# මං එයාට ....#

# මොකක්ද සෙහස් උබ මේ හිතන්නෙ....උබට පිස්සුද..#

# ඒත් මට ...මට ....එයා ගැන මෙහෙම හිතන්නෙ ඇයි ...#

# ප්ලීස් සෙහස් ඕක දැන්ම හිතෙන් අතෑරපන් ...#

# ඒ කියන්නෙ ...ඒ කියන්නෙ මට එයා ගැන ආදරයක්?? ...නෑ නෑ වෙන්න බෑ ...#

# මතකනෙ උබ එයාට සලකපු විදිහ....උබ කොහොමද කටක් ඇරලා ඕක කියන්නෙ #

# අනේ මංදා දෙවියනේ...#

-----------------------------

ඇහැරෙද්දි 10ත් පහු වෙලා....ඊයෙ රෑම නිදි නෑ ...

කල්පනා ලෝකෙක අතරමන් වුන මට කල්පනාවට හේතුව උන ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ ඒ කල්පනා ලෝකෙ කෙළවරක තිබිලා...

# හරි ...දැන් මං දන්නවා මං මොකක්ද කරන්න ඕනි කියලා ...#

මං කාමරෙන් එලියට ආවෙ වොෂ් එකක් දාගන්න කියලා ...බාත් රූම් එකට ගිහිල්ලා දොරවහගත්ත මම බාත් රූම් එකෙන් එලියට ආවෙ වොෂ් එකක් දාගෙන... මට දැන් යන්න තියෙනවා පොඩි ගමනක්...

මං කාමරේට ඇවිල්ල ඉක්මනට ලෑස්ති වෙලා...ෆෝන් එක අරන් වට්සැප් එකට ගියේ ඉන්දීවර අය්යට කෝල් එකක් ගන්න....

# කෝ අප්පා මේ ඉන්දීවර ...සර්ච් කරලා බලමු #

මං සර්ච් කරලා හොයාගෙන ඉන්දීවරගෙ චැට් එකට ගියේ කෝල් එකක් ගන්න කියලා හිතාගෙන උනත් මගෙ ඇස් නැවතුනේ ඉන්දීවරට අන්තිමට මම දාපු මැසේජ් ටිකට...

මන්දාරම්Where stories live. Discover now