අවසාන කොටස

1.2K 152 80
                                    


බායි මෙල්බර්න් ....😊😊😊

අපි හතර දෙනාම ෆ්ලයිට් එකේ ලංකාවට ඉගිල්ලෙන්න පටන් ගත්තා...

" අය්යෙ දැන් අපි දිගටම එහෙ ඉන්නද යන්නෙ  ..."

" කියන්න බෑ සුදූ ඉතින් ..හරියට ශුවර් නෑ ..."

" මාත් බලාගෙන හිටියේ ලංකාවට යන්න ... කොයි රටේ හිටියත් තමන්ගෙ රටේ වගේ නෑනේ ..."

" හ්ම්... "
-----------------------------

අපි එයාර්පෝර්ට් එකෙන් එලියට එනකොට අභිරුයි හිමතුයි ඇවිල්ල හිටියා ...

අපි ඒගොල්ලො එක්කම ඉන්දීවර අය්යලගෙ ගෙදර යන්න පිටත් උනා...

ගේ ගාවටම ඇවිල්ල කාර් එකෙන් එලියට බැහැපු අපි ඉන්දීවර අය්යත් එක්ක ගේට්ටුවෙන් ඇතුලට ගියා ...අපි යනකොට ගෙදර දොරත් ඇරලා දාලා තිබ්බෙ..

" අම්මේ..."  ඉන්දීවර අය්යා දොරලග ඉදන් කතා කරා..

" පුතේ.." කියාගෙන ඉන්දීවර අය්යගෙ අම්මා ගේ ඇතුලෙ ඉදන් අඩාගෙන ඇවිල්ල ආපු ගමන් ඉන්දීවර අය්යව බදාගත්තා ....

ඉන්දීවරගෙ ඇස් දෙක පුරෝලා කදුලු... ඉන්දීවරගෙ ඇස් දෙකේ කදුලු දකින්නෙ දෙවෙනි පාරට මං ...පලවෙනි පාර මං එයාගෙ කම්මුලට ගහපු දවස...දෙවෙනි පාර තමයි අද ...එයා ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි ...

" සමාවෙයන් පුතේ...😭 "

" හරි අම්මේ...දැන් අපි ආවනෙ...අඩන්නැතුව ඉන්න ..."

" සෙහස් පුතේ... " අම්මා ආවෙ චූටිවත් වඩාගෙන හිටපු මගෙ පැත්තට ...

" එතකොට මේ මගේ මුනුබුරාද 😍... " අම්මා මගේ අතෙ හිටපු චූටිව වඩාගත්තේ පුදුම ආදරේකින්...

" අපිට සමාවෙන්න පුතේ.... " අම්මා දරුවාවත් වඩාගෙන එක අතකින් මගේ ඔලුව අතගාද්දි මම බිම බලාගත්තා ... "

" ඇයි මෙතන ඉන්නෙ යමු ගෙදරට ... "

අම්මා එහෙම කියලා චූටිවත් අරගෙන ඇතුලට යද්දී මමයි අත්තම්මයි ,අභිරූ හිමතුයි ගේ ඇතුලට ගිහිල්ලා සාලෙ තිබුනු සෙටි එකක වාඩි උනා...

" සුදු ...මොනා හරි බොන්න අරන් එන්න හැමෝටම .."

අය්යා එහෙම කියද්දී මං ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගියේ කුස්සියට ....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

මන්දාරම්Where stories live. Discover now