5 වන කොටස

1K 150 70
                                    

" සුදූ...නැගිටහන් බං ....පුපට ඉර පායනකන් නිදාගන්නවා ...දැන් බලපන් කීයෙ ඉදන්ද කියලා ...අනේ මංද බං උබත් දැන් වෙනම සෑම්පලේකට හැදෙන්නෙ..."

මාව එක පාරටම උඩ ගිහිල්ලා ඇහැරුනේ ආත්තම්මා උදේම එයාගෙ බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තු නිසා...

" හරි හරි අනේ...චුට්ටක් වැඩිපුර නිදාගත්තා කියලා මොනා වෙනවද...මෙහෙම දවස් තුනක් එක දිගට නිවාඩු වැටෙන්නෙ කොච්චර කාලෙකින්ද ..."

# අත්තම්මා දන්නෑනෙ මට මෙච්චර වෙලා නින්ද ගියේ ඊයෙ පාන්දර වෙනකන් මල් කැඩුව හින්දා කියලා ...😂😂

" නිදාගන්නවා කියලා ඔහොමත් නිදාගන්නවද බං ...බලපන් දැන් වෙලාව ...දහයට කාලයි...යසයි ඉලන්දාරි කොල්ලො නැගිටින වෙලාව...අර ලමයි දෙන්න ඇවිල්ල ... දැන් ගිහිල්ලා මූන කට හෝදගනින්...කෝ කෝ නැගිටපන් සුදූ..."

නිදාගෙන ඇහැරිලා හිරි අරින්නත් කලින් නිකන්ම හිරි ඇරිලා ගියේ අරුන් දෙන්නා ඇවිල්ල කියලා කිව්වම....මුන් දැනගෙනවත්ද මායි ඉන්දීවර අය්යයි දැන් ලව් කියලා ...මුන් දැනගෙන නම් මං කොහොමද දෙය්යනේ රෙද්දක් ඇදන් මුන් ඉස්සරහට යන්නෙ....දැනගෙන නැත්තන් මංම කියනවා පිටින් ආරංචි වෙලා චාටර් වෙනවට වඩා හොදයි මමම කියලා චාටර් වෙන එක...😒😒😒 එහෙම හිත හිත මං බාත් රූම් එකට ගිහිල්ලා වොෂ් එකකුත් දාගෙන ආයෙ කාමරේට ඇවිල්ල ඇදුමක් දාගත්තා....ඊට පස්සෙ කාමරේ දොර ඇරන් සාලෙට ගියේ අරුන් දෙන්නා හොයාගෙන හිතේ ලොකු චකිතයකින්....

" යසී..දුශා..😘"

" දැන්ද භළ්ළෝ නැගිටින්නෙ...වෙලාව බලපන් කීයද කියලා ...කුම්භකරණයා වගේ නිදි ...අපි මෙතනට වෙලා බලං ඉන්න ඕනි බේබිහාමු සිරියහනෙන් බැහැල එනකන්....හ්හ් 😒😒 "

" හරි හරි යසී...මොකක්ද බං ...චුට්ටක් නින්ද ගියා කියලා ඇගෙන් කෑල්ලක් අඩු වෙන්නෑනෙ..."

මං එහෙම කියාගෙන උන් දෙන්නා ඉදන් ඉන්න තැන සෝෆා එකෙන් වාඩි උනා...

එතකොට අත්තම්මා තේ හදාගෙන අපි ඉන්න තැනට ආවා...

" යසිරු ගන්න පුතේ..."

යසියි දුශායි තේ දෙක ගත්තා...

" පේනවා නේද කොල්ලෝ...අපේ සුදූ නැගිටින වෙලාව...අවුරුදු 20ක කොල්ලෙක් නේද දෙයියනේ ..."

මන්දාරම්Where stories live. Discover now