11 වන කොටස

846 114 88
                                    

මාස තුනකට පසු.....

" නැගිටින්න අය්යෙ....😒 වැඩට යන්න පරක්කුයි ..."

මං ඉන්දීවර අය්යගෙ ඇග හොල්ලන් හොල්න්නන් ගියාට මේ යකා ඇහැරුන්නෑ....

" ඒයි මැට්ටෝ....😒😒😒 නැගිටිනවා...😒😒 "

ඇති මේ හොදටෝම ඇති...😣😣 හොදින් කිව්වමනෙ අහන්න බැරි...😣😣

"ඕයි නැගිටපන් මිනිහෝ.... වැඩට යන්න...පුකට ඉර පායනකන් නිදාගන්නවා....😣😣😣 "

මං මගෙ ටකේ හොල්ලන්න ගත්තේ අය්යගෙ බෝල පෂ්ෂට පාරවල් දෙක තුනක් ගහලා ...

ඒක ඇහිලා දඩ බඩ ගාලා මිනිහා නැගිට්ටා...😁😁😁 දන්නැද්ද ඉතින් ඒ වගේ වෙලාවට තමයි මම මගේ උපරිම බලය පාවිච්චි කරන්නෙ...

# අනේ නිකන් පලයන් සෙහස් යන්න...උබේ අහවල් බලයක් නෑ ..ඔය බෙලිකටු මල්ල හොල්ලන්න ගත්තම කුම්භකරණයා උනත් නැගිටිනවා... නැත්තන් ඉන්දීවර පිම්බත් උබ විසික් වෙන සයිස් එකේ ඉන්නෙ...කටේ බලේ විතරයි තොගේ....# මගේ හිත මටම කින්ඩි දාන්න ගත්තා...

අය්යා නැගිටලා මගෙ මූන දිහා බලන් ඉදලා නැගිටලා වොෂ් රූම් ගියා...

මං කුස්සියට ගියේ තේ හදන්න ...

මං තේක හදාගෙන අත්තම්මටත් තේ දීලා මගෙයි අය්යගෙයි තේ දෙක අරන් කාමරේට ආවා...

මං කාමරේට ඇවිල්ල තේක මේසෙන් තියලා ගියේ අය්යගෙ ඇදුම් ටික ලෑස්ති කරන්න ...

මං ඇදුම් ටික ලෑස්ති කරලා තියලා ඉවර වෙද්දි අය්යා වොෂ් රූම් එකෙන් එලියට ආවා...

" අහ් මේ ටික ඇදගන්න .."

අය්යා ඇවිල්ල ඇදුම් ඇදගත්තෙ මූන නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ කරගෙන...

# උබ ඕවට සැලෙන්න එපා සෙහස්...ඕකව උදේ පාන්දර ඇහැරවපු තරහින් ඉන්නෙ ...හැමදාම ඔය මූනනෙ දකින්නෙ උබ... බලපන්කෝ මූන යකා වගේ ...හැබැයි එහෙම ඔරවද්දි අමුතු ගතියකුත්  තියෙනවා ...😍😍😍 #

මං එහෙම හිත හිත අය්යා දිහා බලාගෙන තනියම හිනාවෙද්දි අය්යා මගෙ දිහා බලලා අහක බලාගත්තා...

අය්යා ලෑස්ති වෙලා ඇවිල්ල ඇදේ පැත්තක වාඩි වෙලා තේ බොන්න ගත්තම මාත් මගෙ තේක අතට ගත්තා...

මන්දාරම්Where stories live. Discover now