დ07დ

144 41 1
                                    

"ලෝරා නැගිටපන් බන් කොලේජ් යන්න පරක්කු වෙනවා "

"ම්ම් ...එමා මට අද එන්න බෑ බන්.ඇඟට හරි නෑ වගේ"

එමා මගේ නළලට අත තියලා බැලුවා.

"අඩෝ බන් උඹට හොඳටම උණ නෙ.ඉන්න මම මිස් මැටිල්ඩාව එක්කන් එන්නම්."

"ඕන නෑ බ..."

මම කියන්නත් කලින් එමා දුවලා ඉවරයි.තත්පරයක් යන්නත් කළින් එමා මිස් මැටිල්ඩාව එක්කන් ආවා.

"ආනේ දෙයියනේ මේ ළමයාට හොඳටම උණ නෙ.ඊයෙත් හොඳට හිටියෙ."

"එමා, ෆස්ටෙයිඩ් රූම් එකට එක්කන් යමු ලෝරාව"

"හරි මිස්"

"Excuse me මම උදව් කරන්නද?"

ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ හිත හොරකම් කරපු කෙනා බෙල්....කොච්චර අමාරු වුණත් මට එයාව දකිද්දි ඔක්කොම අසනීප නැති වුණා වගේ දැනුනා.

"අහ් මේ බෙල් නෙ ඔයාට පුලුවන් ද ලෝරාව එක්කන් යන්න.ඒත් අද ඔය ළමයා කොලේජ් යන්නවත් ලෑස්ති වෙලා නෑ නෙ"

"අහ් මේකයි ....මට අද යන්න බෑ කියලා හිතුනා"

"ඇයි අසනීපයක්වත් ද?"

"නෑ නෑ ටිකක් ඔලුව රිදෙනවා වගේ "

"එමා එහෙනම් දරුවෝ ඔයා කොලේජ් එකට යන්න බෙල්ට පුලුවන් නෙ ලෝරාව බලාගන්න"

"ඒත් මාත් ඉන්නම්"

"නෑ එමා ඔයා යන්නකො මම ඉන්නවනෙ"

"හ්ම් බායි එහෙනම් පරිස්සමින් ඉන්න ලෝරා"

"ම්ම් බායි."

එමා ගියාට පස්සෙ බෙල් පොඩ්ඩකවත් හිතන්නෙ නැතුව මාව අත් දෙකට උස්සලා ගත්තා.

"ම්..මේ බෙල් මට යන්න පුලුවන් "

"අර් ...ලෝරා පණ්ඩිත වෙන්නෙ නැතුව ඉන්නවා ටිකක්"

ඒ වචන ඉස්සරහ නම් මම අසරණයි.මොකද එයා ටිකක් සැරෙන් කතා කරා.ඒ නිසා මම මුකුත් කියන්නෙ නැතුව හිටියා.

බෙල් මාව පුළුන් කොට්ටයක් උස්සන් යනවා වගේ කිසිම ගාණක් නැතුව ෆස්ටෙයිඩ් රූම් එකටම උස්සන් ඇවිත් ඇඳ උඩින් තිබ්බා.

එයා යන්න හදද්දිම මම එයාගෙ අතකින් අල්ලගත්තා.මොකද එයාගෙ ඔලුව රිදෙනවා කිව්වා නෙ.

"මොකද?"

"ඔයා..යාගෙ ඔලුව ගොඩක් රිදෙනවා ද?"

"අනේ නෑ මම ඒ වෙලාවෙ පොඩි බොරුවක් කිව්වෙ"

හිනා වෙවී කියන ලස්සන විතරක්.මම එයා දිහා රවලා බැලුවා.

"ඇයි රවන්නෙ?🙄"

"ඔහොම කොලේජ් කට් කරලා හරි යනවද ආ...🤨"

"නෑ ඉතින් ඔයා මම නිසා නෙ ලෙඩ වුණේ"

එයා කියපු විදිහට දුකත් හිතුනා.

"නෑ මම නෙ පස්සෙන් ආවෙ."

"හ්ම් මම ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්"

ටික වෙලාවකින් බෙල් සුප් එකකුත් හදාගෙන ඇවිත් මම ළඟින් වාඩි වුණා .

"අහ් කෝ බොන්න "

"ම්ම් ඔය ඇති බෙල්"

"බෑ අහනවා ටිකක් තව බොන්න ඕනෙ "

බෙල් මට සුප් එක ඉවර වෙනකන්ම බලෙන් පෙව්වා. මගේ අම්මාවත් ඔච්චර නපුරු නෑ.

බෙල් උණ බහිනකම් ම රෙදි කෑල්ලකුත් පොඟවා පොඟවා මගේ මූණයි අත් දෙකයි තෙතමාත්තු කරා.ඇත්තටම සහෝදරියක් වගේ ම මාව බලාගත්තා.

අද දවස අවසන් වෙද්දි බෙල් ට මම කොච්චර සමීප වුණා ද කියන්න මමවත් හරියට දන්නෙ නෑ.මේ මොන වගේ හැඟීමක් ද?

───❀𝑹𝒖𝒕𝒉❀●──

Thanks nngoo ❤️Queen_Platinum😚❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thanks nngoo ❤️Queen_Platinum😚❤️

Miss YouWhere stories live. Discover now