დ08დ

140 43 1
                                    

ඇඟට පොඩි හරි සනීපයක් දැනුනු නිසා ඊළග දවසෙම මම මගේ කාමරයට ආවා.

"ලෝරා"

"ඔව් එම් කියන්න"

"උඹට අවුලක් නෑ නෙ දැන් "

"ඔව් සනීපයක් දැනෙනවා"

එමා මගේ ළඟට ඇවිත් වාඩි වුණේ ලොකු කතාවකට මුලපුරන්න කියලා එයාගෙ මූණෙ ඇඳිලා තිබුණ බැරෑරුම් පෙනුමෙන් කියන්න පුලුවන්.

"ලෝරා ඔයා බෙල්ගෙන් ඈත් වෙලා ඉන්න"

"මොකක් ඇයි මම එහෙම කරන්නෙ?"

"එයා කොල්ලෙක් වගේ නේ"

"හරි කොල්ලෙක් වගේ විතරයි නෙ කොල්ලෙක් නෙමෙයි නෙ"

"හරි ලෝරා එයා අඳින විදිහ යන විදිහ කොණ්ඩෙ  ඔක්කොම කොල්ලෙක් වගේ නෙ"

"ඉතින් කෙල්ලෙක් උනාම කොණ්ඩෙ දිගට වවන්න ඕනෙ ගවුම් පටලවගන්න ඕනෙ කියලා නීතියක් තියේද?"

"නෑ සමාජෙ හිත..."

"අනේ මහ ලොකු සමාජෙ බම්බු ගහගන්න කියන්න.ඔය මගුල් සමාජෙ නිසා තමයි ඔක්කොම වෙන්නෙ.එයා ඒ විදිහට හැසිරෙන්නෙ එයාගෙ කැමැත්ත ට.මිනිස්සු ඔක්කොම එක වගේ නෑ නෙ.අනික අපි වගේ අය එයා දිහා බලන විදිහයි වැරැද්ද.එයා කොල්ලෙක් විදියට හිතන්න පතන්න පුරුදු වුණේ එයාලා දිහා මේ සමාජෙ අය කොල්ලෙක් විදිහට බලන්න පටන් ගත්තු නිසා නෙ.දැන් එයා වෙනස් කරන්න අපිට බෑ.ඒත් අපි එයා දිහා බලන විදිහ වෙනස් කරන්න පුලුවන්"

මට ආපු තරහටම එමාට බැන්නා.එයා මගේ හොඳම යාලුවා බව ඇත්ත .ඒත් මම අසාධාරණයට කැමති නෑ.

"හ්ම් වෙන්න ඇති ඒත් පරිස්සමෙන් 🙂මොනා  වුණත් මම ඔයා ළඟ ඉන්නවා හරිද?"

"හ්ම් හරි මට සමාවෙන්න එම්.මට😣 තරහ ගියා"

එමා හිනා වෙලා මාව වැළඳගත්තා.

──❀𝑹𝒖𝒕𝒉❀●──

Miss YouWhere stories live. Discover now