02| Captain jimin

230 75 5
                                    

°°Pirate of the Atlantis°°

Chapter 02•

ඈත ඉර බැහැගෙන යන ක්ෂිතිජ ඉමේ නොපෙනෙන මානයක ඇස් රඳවන් හිටපු ජිමින් දෑස් තදින් පියාගත්තෙ මොකද්දෝ අමුතු හැඟීම් ගොන්නක් හිතේ දරාගෙන.

ලුණු රසය මුසු සීතල මුහුදු සුළඟ ජිමින්ව සිපගෙන ඈතට හමාගෙන යද්දි ජිමින්ගෙ හිතේ තිබ්බෙ එකම එක දෙයයි...

" අනේ මේ සුලඟත් එක්ක මගේ හිතේ තියෙන බරත් ගහගෙන යනවනම්...."

" කැප්ටන්!! " අදහස් මානය සුනු විසුණු කරමින් ජිමින් ගාවට මිටි කුරුමිට්ටෙක් දුවගෙන ආවා.

" ඔව් කියන්න ජොජෝ? " ජිමින් කිව්වෙ තමන්ගෙ ඔළුව උඩ තිබ්බ පැස්බර පිහාටුවක් ගහපු තොප්පිය අතින් හදාගන්න ගමන්.

" බඩු පටවලා ඉවරයි! " ජොජෝ නිකට කහන ගමන් ජිමින්ට දිහා බැලුවා.

" සෙරම පැටෙව්වද? ඒ කියන්නෙ ආයෙ මාස තුනකට සෑහෙන්න අපිට කන්න තියෙනවා කියන එකනෙ? " ජිමින් නලල රැලි කරලා නපුරු බැල්මක් ජොජෝ දිහාට දැම්මා.

" ඔ-ඔව් කැප්ටන්...මාස තුනකට සෑහෙන තියෙනවා "

" එතකොට දූපතේ මිනිස්සු? "

" උන් විරුද්ධ උනේ නෑ...වෙනදා වගේම සේරම දුන්නා... අපිට පුළුවන් හෙට උදේම පිටත් වෙන්න කැප්ටන්. " ජොජෝ හිස පහත් කරලා ඒ විදියට කියද්දි ජිමින් අතින් ජොජෝට යන්න කියලා සන් කලා.

ඊටපස්සෙ ජිමින් ඔලුව හරවලා බැලුවෙ ස්වාභාවික වරායෙ නැංගුරම්ලාලා තියෙන තමන්ගෙ අගනා වස්තුව දිහා. ඒක කළුපාට අඳුරු පෙනුමක් තිබ්බ මුහුදු මංකොල්ලකාර නැවක්! රිදීපාටින් ඒ නැව් බඳේ ගහලා තිබ්බේ " Black Pearl " කියලා.

ඔව්,
ඒ මුහුදු මංකොල්ලකාර නැවේ කැප්ටන් උනේ වෙරලෙ තේරසින් හිටගෙන හිටපු දුඹුරුපාට හිස්කෙස් තිබ්බ කඩවසම් තරුණයා. පැස්බර පිහාටුවකින් හැඩවුණු ලස්සන තොප්පියකුත් කළුපාට ඇඳුමත් උස බූට්ස් දෙකත් ඉණේ නිතරම රැඳුළු රිදීපාට කඩුවත් ජිමින්ට දරුණු පෙනුමක් ගෙනාවත් ඒ මූණෙ තිබ්බ කඩවසම් බවත් තේජසත් ඒකෙන් අඩු උනේ නැහැ.

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now